
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාහන ආනයනය සඳහා ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි (සැප්තැම්බර්16වන විට) විවෘත කර ඇතැයි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසුවාය.
වාහන ආනයනයෙන් මේ වසරට රුපියල් කෝටි 46000ක් අපේක්ෂා කළ නමුත් එය කෝටි 70000ක් දක්වා වැඩිවන තත්වයක් පෙනෙන්නට ඇති බවත් මෙපමණ වාහන ප්‍රමාණයක් පැමිණේවි යැයි බලාපොරොත්තු නොවූ බවත් අබේරත්න මහත්මිය කීවාය.
එසේම මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 350ක් පමණ වනු ඇතැයිද මෙහිදී අනාවරණය කෙරිණ.
මේ වසරේදී සංචාරකයන් ලක්ෂ විසි හතරත් 25ක් අතර සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. එහි අපේක්ෂිත ආදායම් ඉලක්කය ඇමෙරිකානු ඩොලර් කෝටි 350කි.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදීසි කාරයොත් කහන සල්ලි තියෙන අයත් වාහන ගත්තාට පස්සේ ඉල්ලුම බහිනවා. මොකද ලංකාවේ වාහන විසික් කරන සංස්කෘතියක් නැහැ, වාහන කියන්නේ වත්කමක්. ඉතින් කෝටි ගණන් දීල ගත්තා වගේ නෙවෙයි මුදල් කරන එක. දැන්ම නෙවෙයි තව අවුරුදු දෙකකින් විතර ඕක තේරේවි.
හර්ෂගේ ඉත්තෑවෝ දුවන්න පටන් ගන්න ඇති.