(අජන්ත කුමාර අගලකඩ)
මේ වසරේ ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 690ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
විදේශීය මුදලින් ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය ද ඊට ඇතුළත් වන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ .
ඉන් ඇමරිකානු ඩොලර් කෝටි 390 ක පමණ ප්‍රමාණයක් මේ වසරේ මුල් කාර්තුව තුළ ගෙවිය යුතු වන අතර ,ඉන් ඩොලර් කෝටි 50 ක මුදලක් මහබැංකුව විසින් ඉකුත්දා ගෙවනු ලැබීය .
මේ අතර ,තවත් ඇමරිකානු ඩොලර් කෝටි 100ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලබන ජූලි මාසයේදී කල් පිරීමට නියමිතව ඇති අතර,එම ණය ප්‍රමාණයද ගෙවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
මේ වසර තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා පොලිය වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 86 ක පමණ මුදලක් ගෙවීමට ඇති බව ද මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එච්චර ණයට දීලද?
විදේශීය ශ්‍රමිකයින්ගේ ඩොලර් ගසාකෑම නවතා ඔවුන්ගේ ඩොලර් සඳහා සාධාරණ මුදලක් ලබාදී එම ඩොලර් ණය ගෙවීම සඳහා යොදා ගන්නේ නම් රටට යහපත්...