විනීතා එම් ගමගේ
පාර්ලිමේන්තුවේ සුළුතරයක් තබාගෙන දමිළ ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නැති, දමිළ සංවිධානය සතුටු කිරීමට පමණක් ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් 2019 වසරේ දී කිසිම හේතුවක් ඇතිව පාර්ලිමේන්තුව තුළ සම්මත කිරිමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
මෙහි දී දමිළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ප්‍රශ්නයක් මතු නොවන බවත් මේ ව්‍යවස්ථාවෙන් කිසිසේත්ම දමිල ජනතාවගේ අයිතිය සුරැකෙන්නේ නැති බවත් අබේවර්ධන මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුව තූල ආණ්ඩවේ දැඩි ලිබරල් මතය රැක ගැනීමට දමිළ ජාතික සංවිධානය දෙන සහයට කළගුණ නොසළකා නොහැකි යැයි කී මන්ත්‍රීවරයා දමිළ ජනතාව නැතිව ටී එන් ඒ සංවිධානයට කළගුණ සැලකීමට ආණ්ඩුව සුදානම් යැයි ද කීය.
ව්‍යවස්ථා සංශෝධන කමිටුව හැදු වෙනස්කම් එක්කම මහජනතාවට ඉදිරිපත් කර අනුමැතිය ගන්නවා විනා මේ පිරිසට උවමනා අන්දමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් සම්මත කර ගැනීමට තමන් ඉඩ නොදෙන බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
මැතිවරණ තුනම එකවර තබන බවට එජාපය කරන ප්‍රකාශය විහිලූවක් බවත් එසේ සිදුකළ නොහැකි බවත් පෙන්වා දුන් අබේවර්ධන මහතා පාර්ලිමේන්තු බලය නුල් සුත්තරවලින් රැකගෙන සිටින්නට ආණ්ඩුවට සිදුවී ඇතැයි ද සඳහන් කළේය.
අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ නෙළුම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ අද (1) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිසුන්ට තුන් වේල හරියට කන්ට නැති උනත්, මැතිවරණ තියලා බලේ ගන්ට තමයි වලි කන්නේ.
බලය ගන්නමයි ඕනේ.., නඩු ටිකත් වහලා, තවත් ජනතාව හූරා කන්න...
හපොයි එහෙනම් පොදුජනයාට " පාණාතිපාතා, අදින්නාදානා, කාමේසුමිච්ඡාචාරා, මුසාවාදා, සුරාමේරය, තමයි ඉතුරුවෙන්නේ. "මොකද දේශපාලකයෝ තමයි සික්ඛා පදං සමාදියාමි කියන්නේ. පොදුජනයාට " සික්ඛා පදං සමාදියාමි කියන වදන් පෙළ තහනම්...
මේ අයට ඕනේ මැතිවරණ විතරයි මොකක්ද රට ගොඩ නගන වැඩ පිළිවෙල මැතිවරණ හැමදාම රටේ සල්ලි නේද මේවා?
රටේ මුල් උරුමක්කාරයින් වන සිංහල බෞද්ධයාගේ සුරක්ෂිත භාවය නැතිවෙනවානම්, අලුත් ව්‍යවස්තාවකින් රටේ කා හටද සුරක්ෂිත භාවයක් ඇතිවුණත් සිංහල අපට ඒ ව්‍යවස්ථාවෙන් වැඩක් නැත. ඔය සෑම පිට ජාතිකයෙකුටම, පිට ආගමික අයෙකුටම ඇත්තේ අවුරුදු 750 අඩු ඉතිහාසයකි. එබැවින් මොවුන් සුරක්ෂිත් කරන්න මහා ජාතියේ මහ ආගමේ සුරක්ෂිත භාවය පාවාදෙන්න රටේ ව්‍යවස්ථාව වෙනස්කොරන්නේ කාටද?
යාපා මහතා මේ 20 වෙනි සංසෝධනයට කිසිම සහයෝගයක් දෙන්න එපා. පසු කාලයකදී අපේ දරුවන් ඔබලාගේ දරුවන්ටත් ඔබලාගේ දරුවන් ඔබටත් මහජාතියට කල මේ නස්පත්තියට ශාප කරාවි. නමුත් රනිල්ට එහෙම වෙන්නේ නැති බව ඔහු දනී. ඒ ඇයි කියා ඔබත් මාත් දනී.
ජාතිවාදයෙන් ජනතාව මුලා කිරීම අපි හෙලා දකිනවා. තියෙන ව්‍යවස්ථාව තේරුම් ගන්ඩ බැරුව හිටපු ඔයගොල්ලන්ට අලුතෙන් එන්ඩ හදන ව්‍යවස්ථාව ගැන මොනවද දන්නේ....
මේගොල්ලන්ට ඕනේ මැතිවරණ.රටට හෙන ගැහුවත් කමක් නැහැ. දැන් එකපාරක් මෙයා සෙල්ලම් ආණ්ඩු හදල හෙන බයිලා ගැහුවා. අන්තිමට ඇපත් නැතුව ගෙදර යන්න වුනා. දැන් ආයි මැතිවරණ ඉල්ලලා රට අස්ථාවර කරලා ඇන ගන්න හදන්නේ.
මෙදා පාර මොකද්ද සටන් පාටය? සුළඟද, නැඟිටීමද, බලවේගයද, ජන සටනද, ජන බලයද, රට රකින ජන මහිමයද, එළියද, වියත් මඟද, දිනු දේශය බේරා ගනිමුද, රටට පනදෙමුද, අලුතෙන්ම පටන්ගමුද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත හරින්නේ නෑද, මේ සේරම කලින් පට්ට ගැහුවත් වැඩක් උනේ නැති නිසා අලුත්ම අලුත් එකක්ද?
"අලුතෙන් එන්න හදන ව්‍යවස්ථාව ගැන මොනවද දන්නේ"... දන්නේ ව්‍යවස්ථාව දෙන්න උනන්දුවන රනිල් ගැනත් ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්රතිලාභ ලබන්නට යන දමිළයන්ගෙන්. හකීම් කියලා තිබුණේ දෙමල්ලු රජයට කරපු උදව්වලට දෙමළුන්ට සලකන්න ඕනේ කියලා... ඔහෙට වැඩිය අපි මේ ගැන දන්නවා..