(ඉන්දිකා රාමනායක)

2021 වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 2419 දෙනකු මියගොස් ඇති බව පොලිස් රථවාහන මුලස්ථානය පවසයි.

මෙම වසරේ ජනවාරි මස 01 වැනි දින සිට දෙසැම්බර් මස 27 දක්වා කාලය තුළ සිදු වු මාරක රිය අනතුරු 2325 න් මෙම පිරිස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම පිරිස අතර පදිකයන් 697 දෙනකු, යතුරු පැදිකරුවන් 901 දෙනකු , පසු පැදිකරුවන් 152 දෙනකු, රියදුරන් 243 දෙනකු, මගීන් 246 දෙනකු, පා පැදිකරුවන් 184 දෙනකු, වෙනත් 14 දෙනකු සිටින බවද රථවාහන පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

කාලය තුළ සිදු වු අනතුරු වලින් පුද්ගලයන් 13,469 දෙනකු තුවාල ලබා ඇති බවද පොලිසිය පවසයි.

මෙම අනතුරු අතරින් 5263 දෙනකු බරපතල තුවාල ලබා ඇති අතර, තවත් 8216 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.