
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ බටලන්ද නොව ඡන්ද ලන්ද යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමන් මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම බටලන්ද වාර්තාව මැතිවරණයෙන් පස් ලන්දකට විසි කර දමනු ඇතැයිද රහුමාන් මහතා කීය.
"කොමිෂන් වාර්තා වාර්තාවේ මෙහෙම කියනවා.ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් පිළිබඳව එහි දැක්වෙනවා.ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියාවලට කිසි ලෙසකින් අනුමත නොකරන බව කොමිසම කියනවා.ජවිපෙ ප්රචණ්ඩ ක්‍රියා නිසා සිවිල් වැසි දේශපාලනඥයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත් වූ බවත් එහි දැක්වෙනවා. මහජනතාවට අති විශාල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවූ බවද එහි දැක්වෙනවා. මේ ඇවිස්සුවේ කුණු කන්දක්.කුණු කන්දේ එහාට මෙහාට ප්‍රහාර ගහගන්න වෙනවා යනුවෙන්ද මුජුබුර් රහුමාන් මහතා කීය.
COMMENTS
තමුන්ල නම් කුණු ළන්දට විසිකරලා ඉවරයි. මේ රජයට මැතිවරණ දිනන්න බටලන්ද අවශ්‍ය නැහැ. හැබැයි සූරියකන්දෙ ඇටකටු පෙන්නල බලයට ආපු අය තමයි බටලන්ද වාර්තාව යට ගැහුවෙ,
බටලන්ද වදකාගාරයේ සිද්ධියේ බලලෝබී දූෂිත දේසපාලුවෝ යට ගහලා තිබුනේ.අල්ජසීරා නාළිකාවෙන් ලෝකෙටම හෙළිදරව් වුණා.
මේ මනුස්සයා හින්දා ලංකාවේ සමස්ථ මුස්ලිම් ජාතියටම කරන නිගාවක්. මට මුස්ලිම් යාලුවෙක් කිව්වා ආයෙත් සජබේ, අලියාගෙන් එන මුස්ලිම් කෙනෙක්ට වුණත් ආයේ ඡන්දේ දෙන්නේ නෑ. ඒ අය ජාතිවාදී, ආගම්වාදී අදහස් දාලා ඡන්දේ දිනන්නට පස්සේ මහින්ද, නාමල් එක්ක එකට ජොලි කරනවලු කියලා...
කන්ජිපානිට ගෙවල් කුලියට දීලා ආරක්ෂා කරපු අය ගැනත් පරීක්ෂණ කරන්න වෙනවා.