IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මේ ජනතාව අන්ධකාරයෙන් ගැලවෙන යුගයයි

(අංජුල මහික වීරරත්න)

අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලව ජනතාව නව බලාපොරොත්තු  අත දරා සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දීපාවලි සුබ පැතුම් පණිවිඩයෙන් කියයි.

අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.

දීපාවලි උත්සවය සමරන ලෝකවාසි හා විශේෂයෙන් ම ලංකාවාසි සියලු හින්දු භක්තිකයන්  වෙත මාගේ ශුභාශිංසන එක් කරනු කැමැත්තෙමි.

දීපාවලි උත්සවය තුළින් අඳුර නසා ආලෝකයේ උදාව සිදුවීම සංකේතවත් කරයි.

අද වන විට ශ්‍රී ලංකාව සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින අතර, දීර්ඝ කාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇති ව තිබූ  අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක් ලෙස මෙකී කාල පරාසය හැඳින්විය හැකිය.

ජනතාවගේ ප්‍රගමනය සහ  නව යුගයක ඇරැඹුම ඒකාබද්ධ ප්‍රයත්නයක් තුළින් අප  අරඹා ඇත්තෙමු.

මෙවර දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ  සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි ප්‍රාර්ථනය කරමි. අප සියලු දෙනා සංස්කෘතික බහුවිධතාවයේ  වටිනාකම් ගැන අවධානය යොමු කර ගෞරවය, පිළිගැනීම සහ සහෝදරත්වයෙන් යුතුව අත්වැල් බැඳගනිමු.

ගම් දනව් සිසාරා දල්වන  දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන්,  සියලු ලංකාවාසින්ගේ සිත් තුළ  විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි ප්‍රාර්ථනය කරමි.



අදහස් (4)

මේ ජනතාව අන්ධකාරයෙන් ගැලවෙන යුගයයි

ගුණරත්න Monday, 20 October 2025 08:59 AM

බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයෙන් චීන ක්‍රමයේ තනි පක්ෂ ඒකාධිපතිවාදයට යාම අන්ධකාරයෙන් ගැලවීමක් වෙන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නැහැ.

:       4       11

පම්පෝරියා Monday, 20 October 2025 09:43 AM

රැල්ලට යන ගොං ඉන්න රටක එළිය පලවා අඳුර තමයි ගලාගෙන එන්නෙ

:       3       13

අරුණි Monday, 20 October 2025 11:19 AM

වැඩක් නැති හිස් වචන විතරයි. බලයෙන් පහවෙනතුරුම ප්‍රායෝගික සැලසුම් කිසිවක් නැති වචනම විතරයි.

:       0       0

Toni Monday, 20 October 2025 03:10 PM

මේවා කොහේද දන්නේ නැහැ කියන්නේ... ඔව් ඉතින් කඩේ යන මීහරක්ට තමයි අමතන්නේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site