(සුජිත් හේවාජුලිගේ)

“මේ කට්ටිය කරන්නෙ පලිගැනීමක් තමයි. ඒක  ඉතින් ඒ කට්ටිය  සාමාන්‍යයෙන්  කරන දෙයක්නේ” යැයි  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්‍ෂයේ දේශපාලනය හොඳ තත්වයක තිබෙන බවත් විපක්ෂයේ අයට දැන්  එකතු වී ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා එන දවස එයාගෙන් ඇසිය යුතු බවත් එයා එන දවස  යන දවස තමා  දන්නේ නැති බවත්  ඔහු  පැවසීය

විපක්ෂය එකතු වී වැඩ කළොත් ජයග්‍රහණය ලබා ගත හැකි බවද හෙතෙම  සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ විහාරාධිපති යටිවත්තේ  ධම්මානන්ද නාහිමියන්ට මධ්‍යම සහ  තදානුබද්ධ  පළාත් උප ප්‍රධාන සංඝනායක පදවියේ  අක්ක පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයෙන් පසුව  මාධ්‍ය කළ විමසුමකදීය.

උත්සවය එම විහාරස්ථානයේදී පැවැත්විණ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ධම්මානන්ද නාහිමියන්ට  විජිණිපත මෙහිදී පිරිනමනු  ලැබීය.