(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දිවයින පුරා තැපැල් කාර්යාල 14 ක් මේ වසරේදී  සොරුන් විසින් කඩා දේපළ  සොරකම් කරනු ලැබ ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24)  පැවසීය.

මෙම තැපැල් කාර්යාලවල තිබී  කෝටියකට ආසන්න මුදලක් සොරකම් කර ඇතැයි පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා මීට අමතරව  මුද්දර ඇතුළු තවත් වටිනා දේපළද  සොරකම්  කර තිබෙන බව   ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට,එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ  පොලිස්පතිවරයාට දැනුම්දී  තැපැල් කාර්යාලවලට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලීමක් කළ බවද  හෙතෙම පැවසුවේය.

පොලිසියට  පේන දුර තිබෙන තඹුත්තේගම තැපැල් කාර්යාලයද සොරුන් කඩා තිබූ බව ශාන්ත බණ්ඩාර මහතා  කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.