(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කල් බදු පදනම මත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
භාණ්ඩ අපනයන කාර්යයන්ට සුදුසු ගුවන් යානා නොමැතිවීමෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හැකියාව නිසි අයුරින් ප්‍රයෝජනයටගෙන නොමැති බව ශ්‍රී ලංකා ගුවන් සමාගම පෙන්වා දී ඇතැයි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මගී ගුවන් සේවා සීමාසහිතවීමත් සමග බොහෝ ගුවන් සමාගම් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් ඉන් පෙන්වා දී ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ වනවිටත් ගමනාන්ත 26ක් වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදුකරමින් සිටින බව එහි දැක්වේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... කවුරු හරි හදිස්සියේම පෝසත් වෙන්න යනවා වගේ. කාගේ සාක්කුවද පිරෙන්න යන්නේ..?
මේ එන්නේ හොඳ හොඳ කුට්ටි ලැබෙන කොමිස් කාලයයි.
අලුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයේ ගමනාන්තය සීෂෙල්ස්ද, ස්වාසිලන්තයද නැත්නම් අර අලුතෙන් හොයාගත්ත ලංකාවට නැතුවම බැරි ලේච්ටන්ස්ටයින් වත්ද?