
( රංජිත් රාජපක්ෂ)
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේදි අද (11) දින පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
එම දුම්රියේ ඉන්ධන ගැලුම් 5800 ක් ප්‍රවාහනය කළ ටැංකි සහිත මැදිරි දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් මෙසේ පිලි පැන ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.
අද (11) දින උදැසන මෙම පිලි පැනිම සිදු වි ඇති බවත්, පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් වටවල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කීවේය.
පිලි පැනිමට ලක් වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ තෙල් ටැංකි සහ දුම්රිය පෙට්ටි පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් , කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය ආසන්නයට ධාවනය කරවන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම ආණ්ඩුව වගේ. දිගටම පීලි පනිනවනේ...!