(යොහාන් භාසුර)

නායයෑමේ අවදානම හේතුවෙන් වසා තිබෙන කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ තිබෙන ජලය ඉවත්කිරීම මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ජල ඉවත්කිරීමේ කටයුත්ත අවසන් වූ වාහාම මාර්ග විවෘත කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා අද (15) පස්වරුවේ පැවසීය.

මාර්ගයට ඉහළින් ප්‍රදේශයේ ජලය ඉවත්කිරීම සඳහා සිදුරු කර ඇති ස්ථානවලින් මේ වන විට විශාල ජල ප්‍රමාණයක් ඉවතට ගළා එන බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තවත් ස්ථාන කීපයකින් ජලය ඉවත්කිරීමට සිදුරු කිරීමට නියමිතව ඇති බව ද සඳහන් කළේය.

එම ප්‍රදේශයේ ජලය ඉවත්කිරීම සඳහා කළ සිදුරුවලට ජල නළ යොදා අඛණ්ඩව ජලය පිටවීමට කටයුතු කරන බවත් එසේ කිරීමෙන් ජලයෙන් වන තෙරපුම අඩු වීමෙන් අවදානම අවම වන බවත් සර්ධා වීරකෝන් මහතා කීය.

එම මාර්ගය විවෘත කරනවාද නැද්ද පිළිබඳ තීරණය අද (15) පස්වරුවේ ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ඊයේ (14) පස්වරුවේ පැවසීය.