
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට හිරිහැර සහ අඩන්තේට්ටම් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධානීන්ට එරෙහිව තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි වාර්තාවේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට බාරදී වසරකට ආසන්න කාලයක් ගතවී ඇත.
කමිටු වාර්තාව සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් කතානායකවරයාට බාර දෙනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් මස 24 වැනිදාය.
මෙම හිරිහැර සිද්ධිය පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය වසරේ ජනවාරි මස 07 වැනිදා මුලින්ම තොරතුරු අනාවරණය කළේය
හිරිහැරයට ලක්වූ නිලධාරිනියට වැටුප් වර්ධක ඇතුළු සියලු පහසුකම් සලසන ලෙස කමිටු වාර්තාවෙන් නිර්දේශ කර ඇතත් ඇයට තවමත් කිසිදු සහනයක් සලසාදී නැතැයි පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
හිරිහැරියට ලක් වූ බවට කමිටු වාර්තාව සඳහන් කරන නිලධාරිනියට සාධාරණය ඉටු කරන ලෙසද ඔවුහු කතානායකවරයාගෙන් සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ඉල්ලීමක් කරති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකු ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම කමිටුවේ වාර්තාව සුදුසු ක්‍රියාමාර්ග සඳහා කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට දැනටමත් යොමු කර ඇති බවයි. කාරක සභාව ඉදිරියේදී රැස්වී ගන්නා තීරණය අනුව ඇයට සාධාරණය ඉටු කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd