
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බිළිඳු දරුවන් 30 දෙනෙකු මුදලට අලෙවි කිරීමේ මිනිස් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය.
සැකකරුට විදේශ ගමන් තහනම් කළ අතර,අලුතින් ගර්භනී මව්වරුන් ආයතන වෙත බඳවා ගැනීම නොකළ යුතු බවත් ,සෑම මාසයකම මුල් ඉරුදින ළමා හා කාන්තා කාර්යාංශය පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහැරියේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි උක්වත්ත ආරච්චිලාගේ සදෙස් මංජුල( 47) යන අයයි.
එම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යංශ ලද තොරතුරක් අනුව ඒ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු ඉකුත් 21වෙනිදා මාතලේ උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව සැකකරු අධිකරණ ඉදිරිපත් කරමින් එම කාර්යාංශයේ නිලධාරීහු පැවසූහ.
අතවරයට පත් ගැබිනි කාන්තාවන් සහ දරුවන් හදා වඩා ගැනීමට නොහැකි ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන ගැබිනියන්ට සහනයක් සලසන බව කියමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙන සැකකරු අලුත උපන් බිලිදුන් තෙවන පාර්ශවයකට රුපියල් ලක්ෂ එකහමාරකට මුදලකට අලෙවි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත .
සැකකරු මිනිස් ජාවාරම සඳහා යොදා ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් බවත් එම ස්ථාන ද පරීක්ෂාවට ලක්කළ බවත්, එක් ස්ථානයක ගැබිණි මව්වරුන් දොළොස් දෙනකු දරුවන් මුදලට විකුණා සිටි මව්වරුන් පස් දෙනෙකු සහ විකිණීමට සූදානම් කිසි තවත් දරුවන් තිදෙනකු පොලිස් භාරයට ගත් බව කාර්යාංශයේ නිලධාරීහු අධිකරණයට පැවසූහ.
නඩුව ලබන මස 4 වැනිදා කැඳවීමට නියමිතය.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මියගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් විකුණන්නේ දරුවන් හදාගැනීමට බැරි නිසා දරුවන් එපාවූ අම්මලා. දරුවන් මුදලට ඉල්ලන්නේ දරුවන්ට ආශාකරන හදාවඩා ගැනීමේ හැකියාවක් ඇති අම්මලා. ඉතින් නීත්‍යානුකූල ක්‍රමයකට මේ දරුවන් ගනුදෙනුව කරන්න ඉඩ සලසා දෙන්න. පිට රටවලට රැගෙන ගිය දරුවන් ලොකු මහත් වුණාම තම මුල් දෙමව්පියන් සොයා ගෙන එන සැටි අපි අසා තිබෙනවා දැක තිබෙනවා. මේ පුද්ගලයා කුඩු විකිණීම හෝ හොරකම් කිරීමට හෝ පාතාලයට සම්බන්ධව කටයුතුකළ කෙනෙක් නොවෙයි. දරුවන් ඉල්ලුම හා දරුවා සැපයීම සම්බන්ධව දන්නා හා සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් පමණයි.
මුස්ලිම් එක්කෙනෙක් මේක කරල තිබුනා නම් බලාගන්න තිබුනා පාඨකයන්ගේ හොද අදහස් ටිකක්...
නීත්‍යානුකූලව මේවා ගැන සොයාබලා කටයුතු කිරීම රජයේ වගකීමයි.
එක්කෙනෙක් ගම් වල ඉන්න කෙල්ලෝ රවට්ටලා මෙවාට තල්ලු කරන ජීනාව නිදහස් කළා. තව එක්කෙනෙක් මේ වගේ අවනත් කම්වලට ගොදුරු වුනු කාන්තාවන්ගේ දරුවන් විකුණන එකාට දරුවන් විකුනන්න නිදහස දෙන්න වගේ යනවා. ඉස්සරහට මේ නිදහස දෙන අයට ගිහින් කඩෙන් බඩු ගන්නත් පුළුවන්.... ජීනා මැඩම් ලඟට ගිහින් ගමේ කැකුලියක් බලන්නත් පුළුවන්.. කන්ජිපානි වත් නිදොස් කොට නිදහස් කරපල්ලා... සාදු සාදු !!!
MISHAL-MATARA එහෙනම් දෙනවා ඇට්ටි හැලෙන්න. දැන් තේරෙනවාද අපි යන්නේ මොන පැත්තටද කියලා.