
(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින බලන්ගොඩ කස්සප හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (15) පස්වරුවේ අත් හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ගග පවසයි .
උපවාසය සැලවීමත් සමඟ බන්ධනාගාරයට වැඩම කරනු ලැබූ පුල්මුඩේ අරිසිමලය ආරන්ය සේනාසන සංචිතයේ අධිපති පනාමුරේ තිලකවංශ හිමියන් බලන්ගොඩ කස්සප හිමියන් සමග කර සාකච්ඡාවකින් අනතුරුව ඇතිකරගත් එකඟතාව මත මෙම උපවාසය අත්හරුනු ලැබීය උපවාසය අත්හැරීම සංකේතවත් කරමින් බන්ධනාගාරය විසින් ලබා දුන් ගිලන්පස වැළඳීමෙන් මෙම උපවාසය අවසන් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ .. මං ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. විමලෙත් අතහැරියා. නාමල් බේබිවත් ඉවර වෙනකම්ම එකක් කෙරුවොත් හොඳයි.
අපරාදේ. මැරෙන කල් ඇදගෙන යන්න තිබුනේ
ශහ්! අපරාධනේ උපවාසය අත්හැරියේ. දිගටම කරගෙන යන්නනේ තිබුනෙ. අපි ලොකු බලාපොරොත්තුවක් තියාගෙනනෙ හිටියේ අපවත් වෙනකම්ම කරගෙන යයි කියල. ඒකටත් කොහෙන්ද හෙනහුරෙක් පාත් උනානෙ.
ගොබ්බ විමලයා ගේ අඩි පාරේ යන කෙනෙක්
ඔය හැම ගින්නකටම වඩා ලොකුයි බඩගින්න.
අපරාදේ උපවාසේ අත් හැරියේ. පව්
හ හ හා ..
අපිට අතාරින්න කියලා බණ කියනවා, මැරෙන්න බයයි සැප නැති වෙයි කියලා.
කස්සප හාමුදුරුවෝ පිතෘ ඝාතකයෙක් කියලා සමහර මාධ්‍ය ජාලවල පළවලා වෙනවා . මට මේක මහත් ප්‍රහේලිකාවක්. කස්සප හාමුදුරුවන් වට කරගෙන නොයෙකුත් ප්‍රශ්න අහන මාධ්‍යවේදීයෝ මේ කාරණාව සම්බන්ධව උන්වහන්සේගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි කියලා අහන්න කැමතියි.