IMG-LOGO

‘‘බෙහෙත් නෑ පරිස්සම් වෙන්න‘‘

(ඩයනා උදයංගනී)

පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අවස්ථාවේදී රටේ පවතින ඖෂධ තොග ප්‍රමාණවත් නොවන අතර, තිබෙන ඖෂධ තොග අඩුවෙමින් පවතින බවත් ඒ නිසා මේ අවස්ථාවේදී හැකිතාක් ආරක්‍ෂාකාරීවිම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසන්න කොළඹගේ මහතා පැවසීය.

රාජකාරී කටයුතු, නිවසේ කටයුතු, ආදියේදී අනතුරක් වුවහොත් රෝගියාට ප්‍රවාහන පහසුකම් සපයාගැනීම මෙන්ම වෛද්‍යවරුන් හා අනෙක් රෝහල් කාර්ය මණ්ඩලයටත් ප්‍රවාහන පහසුකම් සපයාගැනීම ද දුෂ්කර බැවින් දැඩි ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකි බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විවිධ රෝගයන්ගෙන් පෙළෙන අය තමන් සතු ඖෂධ ප්‍රවේශම් කරගැනීම මෙන්ම දරුවන් ඉතා හොඳින් රැකබලාගැනීම මේ කාලයේ දී ඉතා වැදගත් බව ද හෙතෙම කීවේය.  



අදහස් (0)

‘‘බෙහෙත් නෑ පරිස්සම් වෙන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site