බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහ නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්  විටින් විට වැසි ඇති හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්  ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්තොට සහ මාතහල් දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.