(අංජුල මහික වීරරත්න)

මහ බැංකුව කොල්ල කෑවා යැයි මෙතරම් කලක් කළේ රනිල් වික්‍රමසිංහට මඩ ගැසීමක් බව බැසිල් රාජපක්ෂගේ කටින්ම කියන්නට සිදු වීම දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දීමක් බව  එක්සත් ජාතික පක්ෂ මහලේකම්  පාලිත රංගෙ  බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මහ බැංකුවෙන් කොල්ල කෑ බව කියන රුපියල් බිලියන 8.5 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ගන්නා බව බැසිල්  රාජපක්ෂ අයවැය ඉදිරිපත් කරමින් පැවසු බව කී එජාප මහලේකම්වරයා

කොල්ල කෑවා නම් ඒ මුදල් තිබිය යුත්තේ රනිල් සහ ඔහුගේ සගයන් අතර නොවෙිදැයි ප්‍රශ්න කළේය .

බැඳුම්කර සිද්ධියේ දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අර්ජුන් ඇලෝසියස්ලාගේ සමාගමේ රුපියල් බිලියන 13ක මුදලක් ආණ්ඩුවේ රඳවා ගැනීමට කටයුතු කළ බවත් අයවැයෙන් ආණ්ඩුවට එකතු කර ගැනීමට හැකියාව ලැබුණේ එලෙස රඳවා ගත් මුදල් බවත් එජාප මහලේකම්වරයා සඳහන් කළේය.