IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


බැසිල්ට තැන දෙන්න කැටගොඩ අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඊයේ (6) ඉල්ලා අස්විය.

ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (6)පෙරවරුවේ බාර දුන්නේය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අනිද්දා (8) දිවුරුම් දීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ඔහුට ඇමති ධූරයක්ද පිරිනැමෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට රජයේ ආයතනයක තනතුරක් ලබාදීමට නියමිතව ඇත.



අදහස් (27)

බැසිල්ට තැන දෙන්න කැටගොඩ අස්වෙයි

කිරි පුතා Tuesday, 06 July 2021 12:23 PM

බෙදාගෙන වළඳනවා

:       1       286

kapilaTuesday, 06 July 2021 07:14 PM

බෙදාගෙන වැළඳීම අද, ඊයේ වූවක් නොවෙයි නේද? ද්විත්ව පුරවැසියෙක් පාර්ලිමේන්තු ආවාම මොකද වෙන්නේ? වැරැදි කළොත් දඬුවම් දෙනවා. එතුමා ද්විත්ව පුරවැසියෙක් වුණත් ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත්විය.. සැඟවී සිටියේ නැත. වර්තමාන ලෝකයේ සැඟව සිටීමට නොහැකිය.

:       0       0

ශන්කWednesday, 07 July 2021 08:02 AM

පවුල් පාලනයක් රටකට කොඉතරම් විනාසකාරිද කියල මොනවට මෙයින් පැහැදිලි වෙනවද? ගෙදර කට්ටිය රැට කතාකරගත්ත පහුවෙනිදා තනතුර දුන්න. රටේ කොයිතරම් දැන උගත් ප්‍රවීණයෝ හිටියත් මේ අදුරදර්ශී පත්කිරීම්ක් වුනොත් රටකට මොනතරම් අපරාදයක්ද???

:       0       0

ගගන Tuesday, 06 July 2021 12:33 PM

කැටගොඩ මයාට ඕස්තරේලියාවේ තානපතිකමට වඩා නළු පෙනුමක් ඇතිබව පෙනේ. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතාකිරීම , ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා එහේ සිට කාර්ය භාරයක් කිරීමට මනා සුදුසුකමක් ඇති නිසා වන්නට ඇති යැයි උපකල්පනය කරමි මම,

:       117       331

පිටිගල මිලානෝ Tuesday, 06 July 2021 12:35 PM

කොහොමද ඔස්ට්‍රේලියාවේ තානාපතිකම කරන්නේ?

:       7       140

මහසෙන් Tuesday, 06 July 2021 12:36 PM

දොල පීදේනිය රාජ්‍ය අංශයේ තනතුරක් ද? තානාපති කමක් ද?

:       4       157

Hafeel Tuesday, 06 July 2021 12:52 PM

ලොක්කත් රජයත් මෙහමද සැලැස්ම අනුව වැඩ කරන්නේ?

:       5       140

pradeepa Tuesday, 06 July 2021 01:27 PM

මේක තමයි ලකාවට මෙහෙම වුනේ

:       6       270

පප්ප Tuesday, 06 July 2021 01:32 PM

රට විනාශයි

:       11       393

විජිත් Tuesday, 06 July 2021 01:50 PM

ඇතෙක් බරට වස්තුව දෙන්න ඇති. අනික මේක ඉල්ලා අස්වීමක් වගේ පෙනුණාට...බෙල්ලට දැලි පිහිය තියලා තර්ජනය කරලා අල්ලා අස්කිරීමක්. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කරලා යවයිද දන්නෙත් නැහැ. ලංකාවෙන් පත්කරන තනාපතිලාට මූලික සුදුසුකම වන්නේ 5 ශ්‍රේණිය පාස් වීම නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඇතෙක් බරට මහජන මුදල් දීලා ගත්ත මේ ' ආසනය ' ලබන පුද්ගලයා " ලෝක හොරෙක් "...!!! ඇතෙක් නොවෙයි මේ රටේම බරට මහජන මුදල් කොල්ලකාලා, මුදල් වෙනුවට මැණික් අරගෙන ගිය සැරේ වගේ එයාපෝර්ට් එකෙන්ම පැනලා යාවී. ඒකෙ දෙකක් නැහැ. ඊට කලින් රටේ ජනතාවට නුවණ පහළ වේවා...!!!

:       33       536

බද්රානි Tuesday, 06 July 2021 02:03 PM

පිම්පියන් ගැන දන්නවා වුණාට "දේශපාලන පිම්පියෝ " ගැන නොදන්නා අයට ඉගෙන ගන්න ලංකාවේ තියන හොඳම උදාහරණයක්. මොනවා වුණත් සමාජයේ වෙසෙන පිම්පියන්ට දොස් නගන්න අපට බැහැ. ඔවුන් අපේ මුදල් වලින් යැපෙන්නේ නැහැනේ. ඒත්, මේ "දේශපාලන පිම්පියන්ව" නඩත්තු කරන්න සිදුවෙලා තියෙන්නේ අපටනේ...

:       2       513

hemantha Tuesday, 06 July 2021 02:28 PM

අමුත්තක් නැතිව ඇති

:       0       24

dasun Tuesday, 06 July 2021 03:06 PM

මෙයා කොහේ ඉපදිච්ච කෙනෙක්ද?

:       0       46

නන්නාදුනන හාදයා.Tuesday, 06 July 2021 04:30 PM

පෙරේතයින්ට ඉපදෙන්න නිශ්චිත තැනක් නැහැ...

:       0       121

hesa Tuesday, 06 July 2021 04:11 PM

පිස්සුනේ, ඉපදුණු රටවත් නව තනතුර කුමක්දවත් සෙව්වාය කියලා මොකෝ ඔය ලබන්න යන තනතුරු දෙක නතර කරන්නයෑ...

:       0       17

R.M.Thennakoon . Weherahen Tuesday, 06 July 2021 04:31 PM

පින්පියන්, පිම්පියන් තේරුම් 02ක් තියෙනවා. යකාගේ හැටියට විමානේ කිව්වලු...

:       0       80

wimal Tuesday, 06 July 2021 04:38 PM

නියමයි... මැටිගොඩ අයින්වෙලා, හොරගොඩට දුන්නා. කොහොමද අසිරි ලන්තයේ වැඩ...?

:       0       217

විපරමා Tuesday, 06 July 2021 04:40 PM

කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති මොලේ උඩ ඉන්න හෙන්චයියන්ට, නෑයින්ට, කේවට්ටයින්ට තනතුරු දීලා වෙච්චි හරිය අපි නොදන්නවා නෙවෙයි. පවුලේ අයට ගිය රට... හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට බලාගන්න බැරි වෙන එකක් නැහැ...

:       0       208

Nihal Tuesday, 06 July 2021 04:53 PM

කැටගොඩ දැන් කොට උඩ...

:       0       46

de silva Tuesday, 06 July 2021 04:57 PM

ඔය පින්තූරයේ ඉන්න කෙනාට තානාපතිකමක් දීලා ඉතියෝපියාවට හරි යවන්න බැරිද?

:       0       101

Anticurruption Tuesday, 06 July 2021 06:06 PM

ඕක පවුලේ ගණුදෙණුවක් නිසා රාජපක්ෂලාගේ වළං හෝදන්න දෙන්න. ණය ගෙවන අපිට ඔය බරත් දාන්න එපා..

:       0       0

Nihal Tuesday, 06 July 2021 06:11 PM

අප පාලකයා වෙනස් කිරීමෙන් ඵලක් නැත. අප වෙනස් කළ යුත්තේ ජනතාවයි....

:       0       0

sam Tuesday, 06 July 2021 06:12 PM

අනේ රටට වෙලා තියෙන දෙයක්...

:       0       0

handima Tuesday, 06 July 2021 08:44 PM

තව පෙළට ඉල්ලා අස්වෙන්න... ඔන්න බොරු නම් බලන්න.. ඉස්සර වෙලාම අගමැතිතුමා.. ඊට පස්සේ ජනාධිපතිතුමා... !!! 

:       0       6

Kapila Tuesday, 06 July 2021 09:28 PM

කැටගොඩ කියලා මන්ත්‍රී කෙනෙක් හිටියද? ලංකාවේද?

:       0       106

Rata Perata Wednesday, 07 July 2021 01:55 AM

මොකා අස් උනත් ව්‍යවස්ථාවට අනුව බැසිල් ට පාර්ලිමේන්තු එන්න බෑ.

:       0       0

sama Thursday, 08 July 2021 12:41 PM

එතකොට අපි පාර්ලිමේන්තු යවපු ආණ්ඩු පක්ෂයේ අයට වැඩ බැරිද? පව්නේද? දැන් වෙන කට්ටියට ඇණගහනවා... වැඩ කරන්න මේ කණ්ඩායමට වෙන රස්සා දුන්නා නම් හොඳයි නේද? ඡන්දයෙන් මේ වැඩ බැරි සෙට් එක නැවත පත්කරන්න හොඳයි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 194 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 534 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site