(මනෝප‍්‍රිය ගුණසේකර)
2015 ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බණ්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 27 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (31) තීරණය කළේය.
2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බැසිල්ව වරදකරු කරලා රජයට කළ අලාබෙට වන්දිත් අරගෙන කුජීතම කරලා දාපුවම පව් නේද?
නිකං බොරුවට කල්මරන්න නැතුව නිදොස්කොට නිදහස් කරලා දාන්න. ඕක නේ අවසානයේ මල්වානේ සහ මාතර ඉඩමටයි වෙන්නෙත්.
අපිව හිනස්සලා මරන්න මේ හදන්නේ දෙයියනේ
බය වෙන්න එපා මහත්තයෝ.. ඔයත් ඉක්මණින්ම නිදහස් වෙයි. ඔය බට ටික ඇවිදගෙන ප්‍රාදේශීය සභා වලට ගිහිල්ලා කියලා මේ එකෙකුටවත් නොතේරෙන හැටි.
ඕකත් නිදොස්කොට නිදහස් කියල තීන්දුවක් දෙයි .මොකටද ඔයතරම් කල් මරන්නේ , අනෙක් අය නිදහස් වුණ එකේ බැසිල්ව යාවිද ඇතුළට . ඕවා බොරු බයිලා .
මෙන්න තීන්දුව : 2015 ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදාහැරි රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහිව තිබූ සියලු චෝදනා වලින් නිදහස් කෙරේ .
තීන්දුව දැන් කියන්නම්.
"නොදොස් කොට නිදහස්" කියල කියල දැන් එපාවෙලා ඇති. හැට නම ලක්ෂයේ නොවැම්බර් වරුන් දැන් ඉන්නේ "රිලවා මරුන අහිකුන්ටිකයෝ" වගේලු. අනේ මන්ද.
මේකේ තීන්දුව මට හීනෙන් දැන්වූවා. කිසිම වරදක් නොකළ මෙයාව නිදොස් කොට නිදහස්. පැමිණිලි දාපු අයට බරපතල වැඩ ඇතිව අවුරුදු 10ක් හිරේට...
පයිප්ප කෑල්ලෙනුත් හොරා කාලා. පුදුම වෙන්න දෙයක් නැහැ. ලොස් ඇන්ජලීස්වල 24 වන පටුමගේ 6 වෙනි ෂොප් එකේ වැඩකරපු කාලෙත් කලේ ඕවාමයි. තරුණකාලේ තිස්සමහාරාමේ සමුපකාරේ සීනි, කරවල ඔතද්දී, උම්බලකඩයක් ඉනේ ගහගෙන ගිහිල්ලා අහුවුණා. අන්තිමට දේශපාලනයට ඇවිත් රටම කෑවා.
බොරු චෝදනා නැගීමෙන් එතුමාට සිදුවූ සිත් අමනාපයට, මෙතෙක් හිමිකරුවකු හමු නොවූ මල්වානේ නිවසක් තෑගි..!