IMG-LOGO

බැසිල්ට ඉල්ලූ තහනම අධිකරණයෙන් ඉවතට

(නිමන්ති රණසිංහ)

මහ බැංකු බැඳුම්කර සිද්ධියකට අදාළව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (18) ප්‍රතික්ෂේප කළේය.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතාද මෙම බැඳුම්කර සිද්ධියට අදාළව සාක්ෂි කරුවන් වශයෙන් නම් කර ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මෙම ඉල්ලීම ඉල්ලීය.

මෙම මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව රුපියල් බිලියන 500 ක මුදලක් ගෙවන ලද පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වන නියෝගය සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මැයි මස 02 වැනිදා තෙක් කල් තැබීමට ද අධිකරණ තීරණය කළේය. 

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්  මහතා විසිනි.



අදහස් (0)

බැසිල්ට ඉල්ලූ තහනම අධිකරණයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 797 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1210 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site