IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බැසිල්ගේ බලය ඉවර බව අලවතුවල කියයි

(සුජිත් හේවාජුලිගේ)

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තවදුරටත් යමක් කළ නොහැකි බව විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේදී හොඳින් පැහැදිලි වුණු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.

බැසිල් රාජපක්ෂගේ කීමට පිටින් ගොස් මන්ත්‍රීවරුන් එම සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා අද බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නැති බවද සඳහන් කළේය.

මේ අතර ජනතාවට අද ජීවත්වීමට නොහැකි අන්ත දරිද්‍ර වාතාවරණයක් රටේ ගොඩ නැගී ඇති බවත් දරුවන්ට කන්න දීමට සියලු දේ උකස්කර තවදුරටත් උකස් කිරීමට ඔවුනට දෙයක් ඉතිරිව නොමැතිව හූල්ලමින් සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.

පාසල් දරුවන්ගෙන් සියයට තිහක් පමණ ආහාර නොමැතිව පාසල් වලට පැමිණෙන බව සොයා ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ජේ සී අලවතුවල මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (9)

බැසිල්ගේ බලය ඉවර බව අලවතුවල කියයි

චින්තක Sunday, 23 October 2022 01:53 PM

කන්න ඕන වුණාම කබරගොයා තලගොයා වෙනවාලු. ඉතින් උගුලෙන් බැරිනම් හබකෙන් කියලා බැසිලා ද්විත්ව පුරවැසිබව අහෝසි කරගෙන ආයෙත් ඒවි. නැත්නම් චමල්, ශශීන්ද්‍ර හා නාමල් 22 සඳහා කැමැත්ත දෙන්නේ නැහැ... මෙතැනත් මොකක් හරි යටිකූට්ටු වැඩක් තියෙනවා. මේ නිසා අරගලයේ මෙහෙයුම් කට්ටිය දැන්සිටම මැතිවරණය සඳහා සැලසුම් කරන්න ඕනෑ...

:       4       12

සමන් Sunday, 23 October 2022 02:01 PM

බැසිල් ගැන අපිටත් වැඩක් නැහැ. නමුත් මේ දේශපාලනය කරන අය තේරුම් ගන්න ඕනෑ ඒ අයගේ බලය සහ ඔවුන්ට වඩා බලවත් අය ගැන විතරක් හිතහිතා ඉන්නේ නැතුව රට වෙනුවෙන් කතා කරන්න ඕනෑ බව... මේ අයට රට මතක් වෙන්නේ තමුන්ගේ බලය ගැන මතක්වෙලා ඒවා ගැන හිතුවාට පස්සේ. අන්න ඒක තමයි අපේ රටට වෙලා තියෙන ලොකුම අභියෝගය. මොකද මේ අය බලන් ඉන්න අයට බලය ලබාගැනීම ගැන විතරයි...

:       0       15

ganegoda Sunday, 23 October 2022 02:07 PM

ඔව්, බූරුවෙකුට වුණත් මොල 7ක් තිබුණොත් එයා අංගවිකල බූරුවෙක්...!

:       1       15

විපරමා Sunday, 23 October 2022 02:34 PM

මොළහතක් තියෙනවා කියලා ගෙනාපු අයට මොනව හිතෙනව ඇද්ද ? දැන් සැපද ? සනීපද ?

:       1       14

ගමේ එකාලා Sunday, 23 October 2022 03:28 PM

ජනතාව රවට්ටපු, මහපාරට ඇදලාදාපු, රටම විනාශ කරපු, බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත පවුල් පාලනේ බලයත් අවසන්....!

:       4       11

Prabha Sunday, 23 October 2022 04:38 PM

ආයේ ආවත් නැත... බැසිල් ඕනෑ හරිය කරගත්තා... මෙයාලා තාම කයිය ගගහා වටේ කැරකෙනවා.

:       2       7

සමන්Sunday, 23 October 2022 08:02 PM

ඇත්ත. බැසිල් නැත්නම් අලවතුවලටත් කියන්න දෙයක් නෑ. මට හිතෙන්නේ බැසිල් භීතිකාව විතරයි මෙයාලාට තියෙන්නේ. රටට කරපු දෙයක් නෑ. එකම කරපු දේ තමයි කෝවිඩ් වැක්සින් දෙනකොට මෙයාගේ නෝනා පෝලිම් පැනලා ඇවිත් එයාගේ එක ගහගෙන ගිය එක. ඒ නිසා මෙයාලා බලයට ආවත් අපේ සාමාන්‍ය ජනයා සමඟ එක්ව ගමනක් නෑ. ඒ ටික අපිත් මතක තියාගන්න එක හොඳයි...

:       0       9

චතුරි Sunday, 23 October 2022 05:28 PM

බැසිල් කෙරුමෙක් කියලා කියන්නේ මේ වගේ අය විතරයි. පැත්තෙන් පැත්තට පැන පැන. මුදලට කෑදරව කත්ඇදලා දැන් බොරුවට සෙවල හලනවා. 250 ලොක්කගේ ඉඳලා එකෙක්ට බැරි වුණා ඔය පවුල හිරේ දමන්න. උනුත් අපි වගේ මිනිස්සු මිසක් දෙවියන් නොවේ. නුඹලා හිතන්නේ එහෙමයි. මොන අංකේ ගෙනාවත් වැඩක් නැහැ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්. ආසියාවේ රටවල් හැමදාම හිඟාකන්නේ ඒකයි. මහ උන් මී හරක් වගේ... ඔවුන්ට ඉගෙන ගන්න තරුණ පරපුර පෙන්වන්න බැහැ ඒ අයට අනිනවා. මොකද ඔවුන්ගේ දරුවෝ මොන්ගල් ගොබ්බයින් මේ සේරම එළවලා රට බේරගන්න ඕනෑ...

:       1       5

fairoos Sunday, 23 October 2022 06:13 PM

ලංකාවේ බයි වහල්ලු තාමත් ඉතුරුවෙලා ඉන්නකන් මොකුත් කියන්න බැහැ..

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site