(විශේෂ වාර්තාකරුවකු විසිනි)
බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ඔහුට ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්‍ෂ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ.
එහෙත් බැසිල් රාජපක්‍ෂ මහතාට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති බව දැනට මුදල් අමාත්‍යධූරය ද දරණ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී ඉකුත් සෙනසුරාදා පැවති විශේෂ සාකච්ඡාවේදීය.
එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද, බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු රාජපක්‍ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද සහභාගී වූහ.
සුහද පවුල් හමුවක් වූ මෙම කතාබහේ දී බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර කර ඇතත් පැමිණෙන දිනය නිශ්චිතව සඳහන් කර නැත.
ඔහුට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන සිදුකළ සාකච්ඡාවේදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇත.
කෙසේ හෝ බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සුදුසු මන්ත්‍රීවරයකු ඉවත් කරගැනීමේ වගකීම මෙම හමුවේදී පවරා ඇත්තේ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාටය.
එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන එකෙක්ව අයින් කරගත්තාට කමක් නැහැ. නමුත් ලොකුම අපරාධය කරන්නේ ඊට පස්සේ. නිකමෙක්ව ඕස්ට්‍රේලියාවේ තානාපති කරනවා කියන්නේ කොටින්ට උඩගෙඩි දීමක්. පව්කාරකම් කිරීමේ සීමාවක් තියෙන්න ඕනා. ඇත්තටම දැන් නම් මේ උදවිය ගැන පුදුම කලකිරීමක් දැනෙනවා මේ පලවෙන පුවත් ඇත්ත නම්.
මරු සාකච්ඡා, රටේ තනතුරු මෙහෙමද තීරණය කරන්නේ? වෙන රටවලත් මෙහෙමද? මේක පවුලේ බූදලයක්ද? සමාගමක්ද? මන්ත්‍රීකම කරපු කෙනා කොහොමද තානාපති වෙන්නේ? ඒකට වෙනම සුදුසුකම් තිබෙනවා නේද? රට මෙහෙම තියෙනවා ඇති. මේ පවුලේ කෙරුවාව තව කොපමණ කල් බලන් ඉන්නද? මම අහන්නේ මෙයාලාට තවත් කඩේ යන බුද්ධියක් ඇති අයගෙන්..? අනෙක හැමදාම නැකත් බලලා ආගමින පූජකයින්ගේ අාශීර්වාදය මැද වැඩ අරඔනවා. අරඹපු දේ විනාශයයි. මෙයාලා පවුල් පිටින් ගොඩ. වසර හැත්තෑවක් මොවුන්ට කතිරෙ ගහපු ජනතාවනි දුක විඳපල්ලා, කල පව් විඳවපල්ලා...
මේ පාර්ලිමේන්තු පැමිණීම අමු නීති විරෝදී බව දන්නේ කීයෙන් කී දෙනාද?
බලන් හිටපල්ලා නුඹලාට එක එක ඩොලර් 01 එවන්නේ නැහැ. නුඹලගේ හෙන්චයියන්ට සැපදෙන්න නොවේ තානාපතිකම් තියෙන්නේ... 69ත් එක්ක සහයෝගයෙන් ඉන්න එකයි අැත්තේ...
කොහොමත් ඉතින් පවුලේ දේපල පවුලේ අය බෙදාහදා ගෙන කන්න එපැයි.
ඒ අයට ඕනෑ වෙලාවට රට ගැන තීරණය කරනවා. එයාලාට ඕනේ නම් තනතුරු පතිකරනවා. ඇයි අපි ඡන්දේ දුන්නේ?
හොරු ඉන්නකන් රට හොඳ තැනකට එන්නේ නෑ...
මෙයාට ලංසු තියන්නේ මහජන මුදල්වලින්... ඒක ඔය කවුරුත් මතක තියාගත්තොත් හොඳයි.
එන්න එන්න, 2025 රට බේරාගන්න දියසෙන් කුමාරයා වෙනවට වඩා හොඳයි මේ ගමන්ම දියවෙලා යන එක....!!!
තානාපති තනතුරට හාල්පාරුවන් පත් කරලා හරියන්නේ නැහැ. විදේශ සේවා සහ විදේශ රාජ්‍ය තාන්ත්‍රික පළපුරුදු තියන අය පත්කළ යුතුයි. මේ මර්ජාන් ෆලීල් කිසිම තනතුරු දරන්න සුදුසු නැහැ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 222 වැනි පුද්ගලයෙක්. මහින්දලාට බුරියානි සපයන්න එ්කට ලැබුණු තෑග්ගක් තමයි මේ මන්ත්‍රී ධුරය...
තවත් වැඩ බැරි ‘‘සහෝ‘‘ කෙනෙක්...
අවිධිමත් සංවර්ධන වැඩවලට හිතු හිතූ විදිහට ණය අරන්... ඒවායෙන් කොමිස් තියාගෙන ගසාකාලා ණය ගෙවාගන්න බැරි වුණාම ඔක්කොම ණය හිමියන්ට විකුණලා විනාශ මුඛයට අරන් ගියා මේ හැමෝම...!
දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදී පවුල් පාලන ආණ්ඩුවක් රජකරන රටක් මුලු ලෝකේම නැතුව ඇති...
ලොකු කුට්ටියක්, තානාන්තරයක් ලැබෙනවා නම් තව මොනවද? ආර්ථික සංවර්ධන ඇමති වෙලා හිටපු කාලේ හොඳට ගසා කෑවා. බල තණ්හාව ඉහටත් උඩින්... හතර වරිගයම ඉන්න අය බෙදාහදා ගෙන කයි. සිව්පාවන් විතරයි අඩු.
කබලෙන් ලිපට ඇද දමා නන්නත්තාර කර ඇති රටක අනාගතයට බලපාන වැදගත් තීන්දු තීරණ ගන්න අකාරය නම් හරිම ෂෝක්. දැන්නම් හොඳටම සැපයි.
දැන් ඔය අපේ රට අදාල තීන්දු තීරණ ගන්නේ රාජපක්ෂ පවුල රැස්වෙලා බවයි අපට පෙනෙන්නේ. මීට වැඩිය හොඳ නැද්ද, පාර්ලිමේන්තුව මැදමූලනට අරන් ගියා නම්... වියදමත් අඩුයි. ටික දවසකින් මහ බැංකුවත් එහාටම අරන් ගියානම් බැංකු කොල්ලකන්න හොරු එන්නෙත් නෑ...
ඔය අයින්වෙන බයියෙකුට මොනවා දුන්නත් අපිට මොකද?
අපිත් ඡන්දෙ දුන්නා. වැරැදි හදාගෙන එයි කියලා... දැන් නම් 2015ටත් අන්තයි. මේ පවුල් පාලනය ජනතාවට එපා වෙලා තියෙන්නේ. ආයෙ අපේ ඡන්දේ ඔබලාට නෑ. ඊළඟ වතාවේ අන්ත පරාජයක් ලැබෙනවා. ඒක සිකුරුයි.
ජනතාවගේ කෝපය, කලකිරීම හා නොසන්සුන් බව දැන් දැන් පැහැදිළි ලෙස පෙනෙනවා නොවේද? මේ රජයේ නොහැකියාව ඔප්පුකොට හමාරයි. දැන් තියෙන්නේ තවත් බැරි වැඩ නොකර ඉවත්වී යාම විතරයි.
කරුණාකරලා මෙයාලාට දොස් කියන්න එපා. එයාලාට බලය දුන්නා. මේකේ වගකීම බාරගන්න ඕනෑ. 69 ලක්ෂයට ඇඟ බේරගන්න බැහැ. මෙයාලා කරන වැරැදි හින්දා දුක් විඳින මිනිස්සුන්ගේ වේදනාවට, හොරු කියලා දන්නවා නම් ඇයි ඡන්දෙ දුන්නේ? සහෘද ජනතාවගේ අවදානමට...
මොහු නියම නායකත්ව ලක්ෂණ තියෙන මහත්මයෙක්.. මට විශ්විසයක් තියෙනවා මෙතුමා ගැන. අපි අවස්ථාව දීලා බලමු..
මිනිස්සු එක පවුලකට බලය දීලා තමන්ගේ වල තමන්ම කපාගන්න බව දකින කොට දුකයි.
ඔය මොන කරණම් ගැහුවත් ‘‘රාජපක්ෂ පවුල් වාදයෙන්‘‘ අපේ රට බේරගන්න අපි කටයුතු කරනවා.
ආගම, භාෂාව, සහ කුලය ඉදිරිය අරන් ඡන්දෙ දැම්ම නිසා බූරුවන් ගෝත්‍රයක් පත්කරලා තියෙන්නේ... චීන්නු ඉන්නතුරු මේ ගෝත්‍රය එළවන්න අමාරු වේවි...!!!
බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න (මිරිසිකුඩු), රටවිරු ඇමැති... මම යෝජනා කරනවා මින් කෙනෙක්...
කාලකණ්ණින්ට කාලකණ්ණි උදව් කරනවා.