(මනෝප්රිය ගුණසේකර)
දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (15) නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ රජින්ද්‍ර ජයරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කළේය.
පසුගිය ජනාධිපතිවරයට ආසන්න සමය වන 2015 නොවැම්බර් මාසයේ දී දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් මිලියන 29.91ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සහ රජයේ මුදල් අවභාවිතා කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධක්ෂක ජනරාල් බන්ධුල තිලකසිරි යන මහත්වරුන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ රජින්ද්‍ර ජයරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කරන නඩුවකට පෙනී සිටින හෙයින් මෙම නඩුවේ විභාගය කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි මස 18 දක්වා කල් තැබීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සමඟ රජයේ නීතීඥ රජින්ද්‍ර ජයරත්න මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, නීතීඥ සෙනරත් ජයසුන්දර, නීතීඥ නවීන් මාරපන යන මහත්වරුන් ඇතුළු නීතීඥ කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මාස හයයි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් "මහින්ද රාජපක්ෂ සමයේ සිදුකළ හොර මැරකම් වංචාදූෂණ සම්බන්ධයෙන් වගකිවයුතු සියළු දෙනාටම තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, හොරා කෑ ධනය රාජ සන්තක කර එයින් රට සංවර්ධනය කිරීමටත් පොරොන්දුවෙමින් එක අතකින් ත්‍රිපිටකයත් අනිත් අතින් එල්ලුම් ගහත් දරාගෙන අපට පාටක් පක්ෂයක් නෑ. අපි නිර්පාක්ෂිකයි. අපි සිතන්නේ ජනතාව ගැන පමණයි. අවුරුදු ගණනාවක අත්දැකීම් සහිත පරිණත දේශපාලන දැක්මක් අනුවයි අපි වැඩකරන්නේ... " කියමින් බලය ලබාගත්තාට පස්සේ කණපිට පෙරලි ඩීල් දේශපාලනයට අවතීර්ණ වෙමින් වර්තමානය වනවිට යහපාලනය අමතකකර එකිනෙකා ඇන කොටා ගන්නා තත්වයකට පත්ව ඉන්නා සියලුම දෙනාට සිද්ධ වෙන දේ....
ඔය නඩු අහන්නේ නෑ..කල් යනවා විතරයි
ඕව ඔහොමම ගිහින් නිට්ටාවටම නැති වෙලා යයි.
මේ කට්ටියගේ නඩු කල් දමන්නේ බයටද? අවුරුදු ගානක් වෙනවා. දියුණුවෙන ලෝකේ අපේ රට විතරයි පල්වෙවී එක තැන ඉන්නේ. හැම නඩුවක්ම කල් දමනවා. මිනිසුන් වැරදි කරන ප්‍රමාණය වැඩි වෙනවා. නඩු ගොඩ ගැහෙනවා. මොවුන් මිය යනකම්ද ඉන්නේ? ඊටපසු රජයට අයිති මුදලක් ලබන්නේ කෙසේද? එහෙම නම් මොවුන්ගේ දේපල රජය යටතට අරගන්න නඩු අවසන් වෙනතුරු පරිහරණය කිරීම තහනම් විදියට....
මුළු " රාජපක්ෂ පවුලම " දිනපතාම වංචා, දූෂණ, හොරකම්වලට අධිකරණය ඉදිරියේ... මෙහෙම හොරු නේද තවසැරයක් අපේ රටේ බලය ලබාගන්න උත්සහ කරන්නේ..?
මොනයම් හේතුවකින් හරි කල්යනවා. අවුරුදු 4ක් වෙලත් එක් දූෂිතයන්ට හරි දඬුවම් දෙන්න බැරි ආණ්ඩුවක් හා අධිකරණ පද්ධතියක් තියෙන්නේ...
මොනවා වුණත් යහපාලන හොරකම් කරනකොටම අහුවෙනවා. රාජපක්ෂලා හොරකම් කෙරුව කෙරුවා කියනවා විතරයි... තවමත් අල්ලගන්න බැරිව ගියා...
බිරිඳ මල්වානේ මාලිගාව හදන්න ගෙපැල කපනවා ෆොටෝස් තිබෙනවා නමුත් උසාවියේදී කියනවා ඒ මාලිගාව මගේ නොවෙයි කියලා .. මුන්වගේ හොරනාතලා ලොවෙත් නැහැ ..
පුදුම අධිකරණයක් අපේ රටේ තියෙන්නේ....
ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලෝකෙන් උතුම් උසාවි ඇත්තේ ලංකාවෙයි...