
(මඩුකන්ද සිතුම් චතුරංග)
කිලිනොච්චිය අරවියල් නගර් ප්‍ර දේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් කන්කසන්තුරය සිට වවුනියාව දක්වා ධාවනයවූ ‘යාල් රාණී‘ දුම්රියේ ගැටී විසිවී තවත් මෝටර් රථයක ගැටීමෙන් අද (20) තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
එම දුම්රිය වවුනියාව බලා යළි ධාවනය කිරීමේදී ඕමන්ත ප්‍ර දේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී තවත් මෝටර් රථයකද ගැටී අනතුරක් සිදුව ඇති බව ඕමන්ත පොලිසිය පැවසීය.
කිලිනොච්චිය අරවියල් නගර් දුම්රිය ස්ථානය අසලදී සිදුවූ අනතුරින් ලංගම බස්රථයේ සිටි තිදෙනකු තුවාල ලබා ඇති අතර කිලිනොච්චිය ඉංජිනේරු පීඨයට අයත් මෝටර් රථයක් බව ද පොලිසිය කියයි.
පොලිසිය පැවසූයේ අපරික්ෂාකාරි ලෙස බස්රථය දුම්රිය හරස්මාර්ගය ඔස්සේ ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරටපත් බස්රථය පීඨාධිපතිවරයාගේ මෝටර් රථයේද ගැටී ඇති බවත්ය.
අනතුරින් පසු යළි ධාවනය කළ දුම්රිය ඕම්න්ත ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී තවත් මෝටර් රථයක ගැටී ඇති බවත් එම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.
සිදුවූ අනතුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය රථවාහන පොලිසිය හා ඕමන්ත රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයක් දුම්රියේ ගැටී මෝටර් රථයකත් වැදිලා: තුනක් රෝහලේ