(දයාරත්න ඇඹෝගම)

වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් සිප්පුකුලම ප්‍රදේශයේදි මාර්ගයෙන් පිටතට පැන පෙරලි යාමෙන් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා අද (25) රෝහල් ගතකළ බව මිහින්තලය පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ත් 48ත් අතර වියේ පසුවන පිරිසකි.

අනතුරින් බස් රථයේ රියදුරාද තුවාල ලබා තිබේ.

මෙම පිරිස කතරගමට වන්දනාවේ ගොස් ආපසු නිවෙස් බලා කහටගස්දිගිලිය ප්‍රදේශයට යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසි පැවසිය

.බස් රථය අනතුරට පත්වන අවස්ථාවේදි එහි කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 30 දෙනෙකු පමණ ගමන් කොට ඇති බවත් පොලිසිය පැවසිය.

තුවාලකරුවන් තම්මැන්නාව මුලික රෝහලට හා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.