(රෝෂන් තුෂාර)

කොළඹ මහ නගර සභාව විසින් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් මිලියන 1034 වැට් බදු අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (25) නඩු පැවරීය.

දේශීය ආදායම කොමසාරිස්වරයා විසින් පැවරූ මෙම නඩුවේ වගඋත්තර කරු ලෙස කොළඹ මහ නගර සභාව නම් කර ඇත.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ඕෂද මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.