
(රංජන් කස්තුරි)
බස්නාහිර හා දකුණු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව එම පළාත්වල ප්‍රධාන ලේකම්වරු පවසති.
ඒ අනුව බස්නාහිර පළාත වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට මෙම මස 28 වන දින දක්වා අත්හිටුවා තිබේ.
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 17 වන දින සිට ජුනි මස 16 වන දින දක්වා නතර කර තිබේ.
වාහන බලපත්‍ර අත්හිටුවා ඇති කාලය සඳහා දඩ මුදල් අය කිරීම සිදු නොවන බවද පළාත් ලේකම්වරු කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd