(සුජිත් හේවාජුලිගේ )

ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමට පැමිණි පසු සෞඛ්‍ය නීති ක්‍රමානුකූලව ඉවත් කළ හැකි බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

බූස්ටර්  එන්නත  රටේ  ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ලබාගත් පසු එවැනි ලිහිල් කිරීමට යෑමට  හැකිවනු ඇති බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ නිසා බූස්ටර්  එන්නත කඩිනමින් ලබා ගන්නයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.