(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් එන්නතේ තෙවෙනි මාත්‍රාව නොහොත් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබාගෙන තම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එලෙස බූස්ටර් එන්නත ලබා ගැනීම සමාජ වගකීමක්ද වන බව හෙතෙම සඳහන් කළේය .

එළඹෙන උත්සව සමයේදී ජනතාව සෞඛ්‍ය නීති උපරිමයෙන් පිළිපදිමින් කටයුතු කළ යුතු බවත් එසේ නොකළ හොත් නැවතත් කොවිඩ් අවදානමක් මතුවිය හැකි බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා කීය .