
( ප්‍රසාද් රුක්මල් )
බදුල්ල රන්දෙනිගල මහනුවර මාර්ගයේ බුද්ධංකෝට්ට ප්‍රදේශයේදි අද (30) දහවල් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් යතුරුපැදියක ගැටිමෙන් යතුරුපැදියේ ගමන්ගත් නාවික හමුදා නිළධාරියකු මියගිය බව කන්දකැටිය පොලිසිය පවසයි .
අලවතුර ගැටියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අලහකෝන් මුදියන්සේලාගේ රසිත් රන්දික අලහකෝන්(33) නැමති නැමති නාවික හමුදා නිළධාරියකු මෙසෙ මියගොස් ඇතයි පොලිසිය කීය
.බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථය ඉදිරියෙන් ගිය යතුරුපැදිය ඉස්සර කිරිමට යාමේදි බස් රථය යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය සදහන් කලේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd