(යොහාන් භාසුර)

විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 10 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

එම ගාස්තු ඉහළ දැමීම විදුලි ඒකක පරිභෝජනය අනුව වෙනස් වන බවත් විදුලි ඉල්ලුම වැඩි සහ අඩුවීම වන අවස්ථාවලදී ද ගාස්තු අඩු වැඩිවීම වන ආකාරයට මෙම ගාස්තු ඉහළ දැමීම සකස්කළ බවත් එම කොමිස කරලා කළ බවත් එම කොමිසම කීය.

ඒ අනුව විදුලි ඒකක 30ට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයගේ ගාස්තුව සියයට 4.3කින් ද, විදුලි ඒකක 31 ත් 60 ත් සහ විදුලි ඒකක 61 ත් 90 ත් අතර පාරිභෝගිකයේ විදුලි ගාස්තුව සියයට 6.9 බැගින් ද, විදුලි ඒකක 91 ත් 180 ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 7.2 කින්ද, විදුලි ඒකක 180 ට වැඩි සමූහයේ සමස්ත විදුලි ගාස්තුව සියයට 25 කින් ද ඉහළ දැමූ බව එම කොමිසම නිවේදනය කළේය.

මෙම කාණ්ඩවලට අමතරව මාසික පරිභෝජන විදුලි ඒකක සංඛ්‍යාව 180 ට ආගමික ස්ථාන සහ විහාරස්ථානවල විදුලි ගාස්තුව ඉහළ නොදෙමූ බවත් මාසික පරිභෝජන විදුලි ඒකක 180 ට වැඩි ආගමික ස්ථාන සහ විහාරස්ථානවල විදුලි ගාස්තුව සියයට 9.6 කින් ඉහල දැමූ බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

පොදු කාර්ය ස්ථානවල විදුලි ගාස්තුව සියයට 8 කින්ද, කර්මාන්ත අංශයේ විදුලි ගාස්තුව සියයට 8.7 කින්ද, හෝටල් අංශයේ විදුලි ගාස්තුව සියයට 9.9 කින්ද, රාජ්‍ය අංශය විදුලි ගාස්තුව සියය 14.40 කින් ද, ඉහළ දෙමු බවද උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.