
මනෝප්රිය ගුණසේකර
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසිමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ රජයේ විගණකාධිපතිවරයා වෝහාරික විගණනයක් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් සිදු කළ ඖෂධ හා වෛද්‍ය සැපයුන් මිලදී ගැනීම් තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා ඒ බව දැනුම් දුන්නේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍යට වියදම් කරන මුදල් වලින් 50% වත් පිල්ලි යනවා මගේ හිතේ. බෙහෙත් සපයන්නන්ගේ profit margin 200% -300% මිසක් අඩු නැහැ. මේ වියදම් ටික අඩු කරගත්ත නම් සහ ගෙවල බෙහෙත් ගන්න අයට වෙනම සේවාවක් (ඩෝකාල කැමති වෙයිද ) කරගෙන ගියානම්, ඔකේ ඉන්නේ හැමෝටම හොඳ incentive එකක් දීල දුප්පත් අයට සහ, operation වලට ඕනේ මුදල් ටික හොයල රටට හොඳ සේවාවක් දෙන්න පුළුවන් .නිදහස් සෞඛ්‍ය,නිදහස් අධ්‍යාපනය තිබ්බට. මිනිස්සු මාසිකව ,අධාපනයට සහ සෞඛ්‍යට කරන වියදම් බලාගන්න පුළුවන්, private tuition මාස්ටර් ල ගේ වත්කම් සහ සමහරක් specialist ලගේ වත්කම් දැක්කහම. (බදු ගෙවන්නේ නැතත් )
එයාගෙ විතරක් නෙවෙයි, සිරිපාල, සිරිසේන, රාජික ඇතුලු අනිත් හැම උන්දැගෙම කාලෙ ඒව ගැන සෙවිය යුතුයි.