(නිමල් ජයරත්න)
කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය පාලම අසලදී පෞද්ගලික බස්රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී අද(12) අලුයම 3.30 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බවද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය.
ටිපර් රථයේ රියැදුරු ටිපර් රථය තුළ සිරවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිලිමත් ලෙස සහ කිසිම ඉවසීමක්, විනයක් නැතුව රිය පදවනවා. අනතුරක් සිදු උනාට පස්සේ රියදුරන්ට නින්ද යාම නිසා අනතුර සිදු වුණායි කියලා බේරෙන්න බලනවා. මෙවැනි අනතුර නිසා පීඩා වලට, ආබාධිත තත්වයන්ට පත්වන අහිංසක මිනිසුන්ට යන කල දවස මොකක්ද?
Google සිතියමේ කොළඹ මඩකලපුව මාර්ගය කියන්නෙ අවිස්සාවේල්ල රත්නපුර හරහා යන මාර්ගයට නිසා එයට අමතරව තවත් මාර්ගයක් තිබේද කොහොම වුනත් මේ සිතියම් නිවැරදි කරනවානම් හොදයි
ඔය පාලම පටුයි. A11 පාර කාපට් කරලා හදලා කොච්චර කල් ද? මෛත්‍රී ජනපති වෙලා ඉඳලාවත් මේ පාලම පළල් කරලා හැදුවේ නැහැ. ඉතින් හැමදාම මෙතැන අනතුරු
ඔවැනි අනතුරු වෙන්නේ ඉවසීමක් නැතිකම, අනිකාට වඩා ඉස්සරවෙලා පාලමෙන් එතෙර වෙන්න තියෙන උවමනාව. මොකක්ද හදීසිය? ටිකක් නවත්තලා පාරේ ඉඩ තියෙනවා නම් යන්න.