(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ කොළඹ මාර්ගයේ කුඹුක හන්දියෙන් ඇඟලුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි
ටිපර් රථයේ රියදුරු රථය තුල සිරවී සිට ඇති අතර ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගෙන රෝහල් ගත කර තිබූ බව පොලිසිය සඳහන් කරයි
බුලත්සිංහල ප්‍රදේශයේ සිට ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පනස් දෙනකු පමණ පිරිසක් කහතුඩුව දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී කුඹුක හන්දියේ දී විරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක් මැද දූපත හරහා ගොස් බස්රථයේ ඉදිරිපස වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
මේ හේතුවෙන් හොරණ කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් පැය එකහමාරකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි
ප්‍රදේශවාසීන් එක්ව රථ වාහන ඇසිරීමේ කටයුතු සිදුකරනු ලැබීය
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බස් - ටිපර් අනතුරෙන් 12 ක් රෝහලේ