
(අංජුල මහික වීරරත්න)
බස් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජුලි මස 01 වන දින බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු වේ.
ඒ අනුව, 2026 වර්ෂයේ පෙබරවාරි මස සිට මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතු කොටගෙන ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන් සහ ඒ හා බැඳුණු අනෙකුත් ධාවන වියදම්, දැනට භාවිත කරන බස් රථ මාදිලි, ඇමෙරිකානු ඩොලරයේ සිදු වන උච්ඡාවචනයන් අනුව බස් රථ අමතර කොටස්වල මිල කෙරෙහි වන බලපෑම, අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සහ මෑතකදී හඳුන්වා දෙන ලද පත්ල පහත් ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ධාවනය වන බස් රථ යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, මහජනතාවට අඛණ්ඩ ප්‍රවාහන සේවාවක් සැපයීම සහ බස් කර්මාන්තයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, දැනට පවත්නා බස් ගාස්තු සූත්‍රය (පිරිවැය දර්ශකය) සහ ගාස්තු ව්‍යුහය යාවත් කාලීන කිරීම, සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.
එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අනුව, 2026-06-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරනු ලැබ ඇති ඉන්ධන මිල සංශෝධනය ද සැලකිල්ලට ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd