(මහින්ද නිශ්ශංක)
බස් ගාස්තුව අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
ඩීසල් මිල රුපියල් 7.00 කින් අඩුකිරීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණයට එළඹි බවත් මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දැනුම් දෙන බවද ගැමුණු විජේරත්න මහතා කීය.
බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධව බස් සංගම් නියෝජිතයෝ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා (07) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd