(යොහාන් භාසුර)

‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ බස් ගාස්තු පහත දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ‘කොවිඩ්’ නිර්දේශ හරහට හිට ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

‘කොවිඩ්’ සමයේදී ආසන ධාරිතාවට පමණක් මගීන් ප්‍රවාහන කිරීම ඇතුළු කොන්දේසි කීපයක් මත බස් ගාස්තු සියයට 20 කින් ඉහළ දැමූ බව කී එම නිලධාරියා මීට පෙර අවස්ථාවකදී ඉන් සියයට 10 ක් අඩු කළ බව ද සඳහන් කළේය.

පෞද්ගලික හෝ ලංගම බස් රථ මේ වන විට ආසන ධාරිතා සීමාව අනුගමනය නොකිරීම හේතුවෙන් ඉතිරි සියයට 10 ක බස් ගාස්තුව අඩු කළ යුතු වුවද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති ‘කොවිඩ්’ චක්‍රලේඛයක් හේතුවෙන් බස් ගාස්තු පහත දැමීම කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.