( මහින්ද නිශ්ශංක )
බස් ගාස්තු 4 % කින් ලබන 26 වැනිදා සිට අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්පුන රණතුංග මහතා සහ බස් සංගම් අතර අද (24) පැවැති සාකච්ඡාවේදී මෙය තීරණය වී තිබේ.
ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 12 අඩු නොවන අතර දෙවන අවම බස් ගාස්තුව වන රුපියල් 15, රුපියල් 14 දක්වා අඩු කෙරේ.
සෙත්සිරිපාය අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල තීරණය විය යුත්තේ ලබාදෙන සේවයේ ගුණාත්මක බව අනුවයි. තමන්ට හිතුමතේ සේවය ලබා දී ගාස්තු අඩු වැඩි කිරීම විහිළුවක්. ලෝකයේ අනිත් රටවල් මෙන් අප කල යුත්තේ නං තනි තනි බස් අයිති කරුවන් වෙනුවට තනි සමාගමකට සේවය සැපයීමේ වගකීම පැවරිමයි. දිවා රාත්‍රී බස් වාර ගණන, බස් රථවල ගුණාත්මක බව, සේවකයන්ගේ සුදුසුකම් හරියට ටෙන්ඩර් විය යුතුය.දැන් සිදු වන්නේ එක ගමන් වාරයකින් උපරිම ලාභ ලැබීමට උත්සාහ කිරීම නිසා මේ ක්‍රමය තුල ගුණාත්මක සේවයක් බලාපොරොත්තු විය නොහැක. දැන් 6න් පසුව අතුරු පාරවල බස් නැත , මිනිසුන් හරක් මෙන් පටවාගෙන යයි , රේස් යයි. සියල්ලට හේතුව තනි බස් රථ අතර තරගයයි.
අඩුකරන්නේ සොච්චමයි, හැබැයි උපරිමයෙන් වැඩිකරගන්න දගලන දැගලිල්ල කොහොමද . මිට වඩා නැතිබැරිවුන් රටේ කොපමණ ඉන්නවද .
අපරාදෙ අඩු කලේ. ඒ 4% ත් තියාගන්න තිබ්බා. මොන විහිළුවක් ද මේක? පසුගිය දවස් 60 තුළ පෙට්‍රල් සහ ඩිසල් රු.30න් විතර අඩු වුණා. එහෙත් 4% ?? ලැජ්ජයි ! අවම ගාස්තුවත් අඩු කරලත් නැහැ.
මේ මොකක්ද? අඩු කරනවනම් අඩු කරන්න ඕනේ අවම බස් ගස්තුවයි. 12 ටිකට් එක 10 වුනානම් සාධාරණයි.
"රුපියල් 15, රුපියල් 14 දක්වා අඩු කෙරේ." රුපියලක් ඉතුරු දෙන කෙනෙක් ඉදීවිද? දැනෙන්න කරන්න නම් රු 13ක්ම හොයලා දෙන්න ඕනේ. නැත්නම් 12ක්
මොන අඩුවක්ද? රජයේ සහනින් ගොඩගිය බස් මුදලාලිනේ....