
(අංජුල මහික වීරරත්න)
කොළඹ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පහළොවක් ගොඩ නැගීම සඳහා ලබන අයවැයෙන් මුදල් වෙන් කරන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (15)පැවැසීය.
කෝච්චි, බස් හා ටැක්සි එකම ස්ථානයෙන් ලබාගත හැකි පරිදි එම මධ්‍යස්ථාන ඉදි කරන බවද අමාත්‍යවරයා කීය.
2029 වසර විට ලංකාවේ වැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පනහක්වත් ඇරැඹීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කීවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
"රටේ ප්‍රවාහනය ශක්තිමත් කිරීම අපගේ මූලික අරමුණක්. කොච්චර පාරවල් හැදුවත්, කොච්චර ට්‍රැපික් ලයිට් දැම්මත්,පොදු ප්‍රවාහනය දියුණු කළේ නැතිනම් රටක ආර්ථිකය දියුණු කරන්න බෑ.රටක ආර්ථික ක්‍රියාවලියේ ලොකු කොටසක් ලෙස ප්‍රවාහනය හඳුන්වන්න පුළුවන්.පසුගිය අවුරුදු තිහ හතළිහ තිස්සේ පොදු ප්‍රවානයට නොසලකා හැරීම නිසා මෙන්ම වංචා දූෂණ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය විශාල වශයෙන් බිඳ වැටී තිබුණා.
මේ රටේ මිනිස්සු මේ ප්‍රධාන බස් නැවතුම්පොළ පාවිච්චි කළේ කොහොමද කියා අවබෝධයක් ගැනීම සඳහා ජනාධිපතිතුමාට වෙලාවක් තිබේ නම් විනාඩි පහක් මේ අවට ඇවිදින්නැයි අප ඉල්ලා සිටිනවා.
බස් නැවතුම්පොළ කියන්නේ මිනිස්සුන් හම්බවෙන යාළුවෙන තැනක් විය යුතුයි, යනුවෙන්ද අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූපිරි වැඩ්ඩෙක්ට රටේ පොදු ප්‍රවාහන ලැබුණේ, ඒක හදයි ලොවෙත් නැති වෙන්න ! බයවෙන්න එපා බිමල් සහෝදරයා රටේ ජනතාවගෙන් බහුතරයක් ඔබලා සමගයි.
ඉතාමත් සතුටුයි. රට නිවැරැදි මගකට යොමුකරලා, සද්භාවයෙන් දියුණු කරන්න හදන බව මනාවට අවබෝධ වෙනවා.
අපි දීපු ඡන්දේ ගැන අපිට ආඩම්බරයි! ඔබටත් එහෙම නේද?
පරණ ලඩ බසයෙන් යන්නත් අමාරු වෙලාවේ මොන නැවතුම්පොළද? පළමුව බස් දෙවනුව නැවතුම...? අපේ ඔක්කොම කනපිට නේ ? ඔය කෝටිගණන් වලින් ඩීසල් මිල අඩු කොට සහනයක් දුන්නා නම් මොකෝ? බෑ නේ ආධාර සල්ලි නේ?
ළගදී මම මුහුණු පොතේ මෙහෙම දෙයක් දැක්කා. "හවස් වරුව. නුවර පාර ප්‍රයිවට් බස් එකක් ඇතුලේ හිටගෙන කට කපලා සෙනග පට්ට ට්‍රැෆික් එක මොරසුරන වැස්ස, ජනෙල් වහලා පුදුම දාඩියක් කන පැලෙන්න සංගීතයක් - සතර අපාය" අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන කෙනෙක් ට්‍රයි කරන්නේ කොහොම හරි වාහනයක් අරන් බස්වලින් ඈත් වෙන්න. මම නගින්නේ උදේට රත්මලානෙන්. මොරටුව පිටකොටුව බස්වල උදේට සීට් ගානටවත් මිනිස්සු නෑ. හැම මිනිහට ට්‍රයි කරන්නේ සෙනග පිරිලා හරි එන දුර පළාත් බස් එක්ක නගින්න. මොකද මිනිස්සුන්ට ඕන කාලය ඉතිරි කර ගන්න...