(ඉන්දිකා රාමනායක, බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බදුල්ල - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අනතුරට පත් බසයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය වන අවස්ථාවේ ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් හෝ මත්පැන් ලබාගෙන තිබුණේ ද යන්න හෙළි කර ගැනීම සඳහා ඔහුගේ මුත්‍රා සහ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පවසයි.
එම ටිපර් රථය ප්‍රතිවිරුද්ධ මාර්ගයෙන් බසය ඉදිරියට ධාවනය වන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සඳහන් වී තිබිණි. එම කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරු ටිපර් රථය හඳුනා ගත් බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස හතරක් පහක් යනකල් පාරේ තිබුණු ගල ඉවත් කරපු නැති එකගැන හොයලා බැලුවොත් ඊට වඩා හොඳයි..
ගොඩක් දුර සේවා බස් කොහොමත් මේ විදිහට තමයි එළවන්නේ. බ්ලොක් එකක් තියෙනවා නම් පාරේ වම් පැත්තේ අයිනෙන්... එහෙම නැතිනම් පාරේ දකුණු පැත්තෙන්...
බස්රථයේ මගමරුවා ජීවතුන් අතර සිටීම පිළිබඳව "අපගේ බලවත් ශෝකය" ප්‍රකාශ කරන්නෙමු.
වෙන්ඩ තියෙන දේ වේලා ඉවරයි. දැන් ඉතින් ලේ, මුත්‍රා පරික්ෂා කරලා වැඩක් තියෙනවද?