(ඩයනා උදයංගනී)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 - 35 නව බස්රථ 500ක් සහ ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායට ජීප් රථ 150ක් ද ඇතුළුව මෙම ජීප් රථ ගෙන්වීමට නියමිතය.
මෙම බස් රථ හා ජීප් රථ මිලදී ගැනීමට 2020 වසරේදී අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව බස්රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 3කිනුත්, ජීප් රථ මිලදී ගැනීම සඳහා ද ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව විසින් නිර්දේශ කර ඇති සමාගම්වලිනුත් ලංසු කැඳවා ඇත.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පදිරි එම බස්රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙතත්, ජීප් රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහීන්ද්‍රා සමාගම වෙතත් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රථ මොකටද? ජීප් විතරක් ගෙන්නුවනම් ඇතිනේ. ආරක්ෂාව තමා වඩාත් වැදගත්
ඉන්දියාවෙන් ණය අරන් ඉන්දියාවෙන් වාහන ගේනවා. මොකද මේ.
ඕවා තමයි කොන්දේසි... ඉන්දියන් බ්‍රෑන්ඩ්ම මිලදීගත යුතුයි. ණය දී බිස්නස් කරගැනීම...
ඉතාමත් වටිනා තීරණයක්. මුලින් පොලීසියට ලබාදුන් ත්‍රීරෝද රෝද රථ ඉවත්කිරීම වටී. පොලීසිය යනු දේශපාලකයන්ගේ නොව හැමදෙනාගේම ආරක්ෂාව සඳහා සිටින ආයතනයකි.