
(සුජිත් හේවාජුලිගේ)
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන අාචාර්ය සුරේන් බටගොඩ මහතා ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට ලබන සඳුදා (31) කැඳවා ඇත.
ඔහු එම ධූරය දැරෑ කාලයේ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
සුරේන් බඩගොඩ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් 2015 ජනවාරි මාසයේදී පත් කරනු ලැබීය.
ඉන්පසු අමාත්‍යාංශය විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ලෙස වෙනස්වූ පසුවද ඔහු 2019 නොවැම්බර් තෙක්ම එම ලේකම් ධූරයේ කටයුතු කළේය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍යවරැන් වන කුමාර ජයකොඩි, පාඨලී චම්පික රණවක, කාංචන විජේසේකර සහ පවිත්‍රා වන්නිඅාරච්චි, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩී වී චානක ඇතුළු පිරිසකගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd