
(යොහාන් භාසුර)
බාල ගල් අගුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් රජය මැදිහත්වී ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවත් හිටපු අමාත්‍යවරයකු වන මාහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (9) පැවසීය.
‘බොරුවට තිත - දූෂණයට වැට දේශපාන දඩයමට එරෙහි එකම හඬ’ යන තේරාව යටතේ ‘ඒකබද්ධ විපක්ෂය’ කොළඹ මල්පාරේ පිහිටි දේහපාලන කාර්යාලයේදී අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව හෙට පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සාකච්ඡා වන බවත් එම සිද්ධිය වී ඇත්තේ කුමාර ජයකොඩි මැතිතුමා අමාත්‍යවරයා හැටියට වැඩභාරගෙන කටයුතු කිරීමට පෙර යැයි ආණ්ඩුව පවසන බවත් ඒ මහතා පැවසීය.
මෙය බරපතල කරුණක් හැටියට සැළකීමට කිසිම පදනමක් නැතැයි කියන තර්කය ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරිපත් වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කුමාර ජයකොඩි මැතිතුමා පොහොර සංස්ථාවේ විධායක තනතුරක් දරණ අවස්ථාවේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසන බව ද සඳහන් කළේය.
ඡායාරූපය: ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු ජනතාවාදී විපක්ෂය. හිනා වෙනවාද? අඬනවාද? කියලා හිතාගන්න බෑ. එක මූණක්වත් කොමිස් නොගහපු හොරකම් කරපු මේ ඉන්න සෙට් එකෙන්...
විශ්වාස භංග නම් මොනවද නේ?
එහෙට මෙහෙට හේත්තු වෙවී, සදහටම බලයේ ඉන්න හදපු මහාචාර්ය තුමාට, දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ පෙනුනේ නැතුව ඇති. තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපි නොදන්නවා නොවෙයි. ලැජ්ජයි...
රෙදි ඇදගෙනද කියන්නේ...?
ඇත්තටම මේ ආණ්ඩුවේ වංචා දුෂණ වලට විරුද්ධව පෙනී සිටින්න පුළුවන් එකම කණ්ඩායම මේ අයම තමයි. මොකද මේ ගොල්ලෝ තරම් රට සුද්ධ කෙරුව අය ලොවෙත් නැතුව ඇති.