(අංජුල මහික වීරරත්න)
බලලෝභී නායකයන්ට වැදගත්කමක් තියෙනවා නම් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී දූෂ්‍ය නොවූ පක්ෂයට ඇත්තටම ආදරය කරන ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දිය යුතු යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය .
බලලෝභී, අදූරදර්ශි නායකයන්ට කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනගන්න නොහැකි බව කියන බණ්ඩාරනායක මහත්මිය එවැනි අය සමග කටයුතු කර තම වෙලාව නාස්ති කරන්න සූදානම් නැති බවද පවසන්නීය.
තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙසේද කියන්නීය.
මාධ්‍යවේදියෙක් පසුගිය දිනෙක මගෙන් ප්‍රශ්නයක් අසා තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් ඔබතුමියට පක්ෂයට නැවත ආරාධනා කිරීමට සූදානම් බවක් ආරංචි වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්දැයි එම මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයයි.
අපේ පක්ෂ නායකයෝ එදා පොහොට්ටුව සමග එකතු වුනේ තනිකරම බල තන්හාව නිසා. ඔවුන්ට පක්ෂය ගැන ආදරයක් නැහැ. දූරදර්ශීභාවයකුත් නැහැ. තනිකරම බල පෙරේතකම විතරයි තිබෙන්නේ.
මේ රජය කරන සෑම වැරදි ක්‍රියාවකටම මේ අයත් කොටස්කාරයෝ. මොවුන්ට එයින් ගැලවෙන්න බැහැ.යනුවෙන්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන ඇත්ත කතාව ඔන්න කිව්වා .මැතිණියනි ඔබට ජයවේවා
දැන හෝ නොදැන මෙතුමිය තමා ගැනත් සදහන් කිරීම සතුටට කරුණකි......
මංගල අල්ලගෙන පුතාව කොහොමහරි ඇතුලට දාගන්න බැලුවත් ඒක හරිගියේ නැති නිසා ඒයාම ගේමට බහින්න වගෙයි හදන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම ඇය සතු වන අතර වෙන කිසිවෙකු නොවේ. ඇය තම මව සහ ශ්‍රීලනිපය අතහැර වෙනම පක්ෂයක් නිර්මාණය කළාය. මොනවද මේ කතා කරන්නේ කියලා අපිට තේරුම් ගන්න බැහැ
තාත්තා , අම්මා, දුව එකතුව ලංකාව අවුරුදු 26ක් විනාශ කලා.තව මොනවද කතාද . යන ලෝකෙකට යන්නේ නැතිව.
මේ අම්මන්ඩිත් ඇතුළත්ව
තමුන්ටත් අයිති නැති කතාවක් කිව්වේ කියලා මෙයා දන්නෙත් නැහැ .කොහෙන් හිනා වෙන්නද මන්දා .
ගහ දන්නා අපට කොළ කඩා පෙන්නන්න එනවා.පොහොට්ටු නායකයෝ නම් අන්තිම නරකයි .මෙයත් ඊටත් එහා
ඔබතුමිය 94 දී දුන් මැතිවරණ පොරොන්දුවට අනුව විධායක ජනපති ක්‍රමය අහෝසි කරලා ,88/89 සිදුවුන මනුෂ්‍ය ඝාතන ගැන නිසි ලෙස ක්‍රියාත්මක කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ .මොලේ පෑදෙන්නේ බලේ නැති උනාම
තරුණයකුට භාරදිය යුතුයි කියලා කිව්වේ මගේ පුතාට භාර දිය යුතුයි කියන එකයි.
ඒ උනාට පුතා ගෙන්නන්නනම් හිතන්නවත් එපා හොඳේ
විමුක්ති සමඟ අවංක දේශපාලකයන් ,දුෂන පිටු දකින වැදගත් නායකයන් එනවා නම් අපි සුදානම්