
(උපුල් හේරත්)
මිතුරන් තිදෙනකු එක යතුරු පැදියකින් නැගී නිවසට එමින් සිටියදී යතුරු පැදිය පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටීම එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ,අනෙක් තරුණයන් දෙදනා බරපතල ලෙස තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි .
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නාමල් වැව ,මිහින්තලේ ,ලිපිනයේ පදිංචි අසේන් ඉසුරැ (24) නමැති තරුණයෙකි.
අනතුරට ලක් වූ පැදියේ පිටු පසින් නැඟ ආ අනෙක් තරුණයන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලැබූ හෙයින් මිහින්තලේ ප්‍රාදේශීය රෝලටත් ,ඉන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත .
මෙම තරුණයන් තිදෙනා අලුත් අවුරුද්ද උදා වූ (14) දින සවස 02.59 වන තුරුම මිහින්තලේ , මහ කනදරා වැව් පිටියේ රැඳී සිට ඇත. නව වසර උදා වීමත් සමගම මෙම තරුණයන් තිදෙනා කඩි මුඩියේ එම යතුරු පැදියට නැගී මහකන්දරාව වැව පිටියෙන් ,මිහින්තතලේ ප්‍රධාන මාවතට පිවිස පැදිකරුගේ නිවස පෙනෙන ආසන්නයේ දීම බල්ලකු පාර හරහාට පැන ඇත.
බල්ලා ගැටුණු පැදි කරු වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවත තිබූ කොහොඹ ගසක ගැටීමෙන් පැදිකරු බරපතළ ලෙස තුවාල ලබා ඇත.
පැදිකරු රෝහල්ගත කරන අවස්ථාවේ දීම මියගොස් සිටි බවත් පැදියේ පිටුපසින් පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්ව ආරක්ෂකයින්, මැද පංතියේ පරිසර විලාසිතාකාරයින් සහ ඖෂධ කොමිස්කාරයින් මෙම මරණයට වගකිව යුතුමයි. දඩාවතේ යන සුනඛයින් ඝාතනය කිරිම වළක්වා ඊනියා වඳ සැත්කම් මගින් ගහන පාලනය කිරීමට දරණ උත්සාහය නිශ්ඵලය. වසරකට මිනිසුන් දහස් ගණනක් සපාකෑම් වලට සහ රිය අනතුරු වලට ලක්වේ. සුරක්ෂිතව ඇතිකරන සුනඛයින්ට ද සෞඛ්‍ය ගැටළු ඇතිකරයි.
මෙම තත්වය ඉතාමත් භයානක ආකාරයට මහාමාර්ගවල සිදුවෙනවා.. මෑතකදී පශු සම්පත් සංවර්ධන උසස් නිලධාරි මහතෙකුගේ යතුරු පැදියට බල්ලෙක් පැනීම නොමැරී බේරුණා කියලා අහන්න ලැබුණා.. මාසෙකට වැඩිකලක් ගතවුණත් තවමත් සුවයක් නැති එතුමාට ඉක්මන් සුවය පතමු. මේවාට බල්ලන් අයිතිකාරයෝ සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මේ දරුවා පමණක් නොවෙයි, බල්ලන් නිසා අනතුරුවලට ලක්වෙන සියලු යතුරුපැදි කරුවන් වෙනුවෙන් නොපමාව බල්ලන් අයිතිකාරයෙක්ගෙන් අවම වශයෙන් ලක්ෂ දහයක්වත් වන්දි ගැනීමට හැකිවන ආකාරයට නීති සැකසීම කරන්න ඕනෑ... මෙහෙම වෙන්නේ නිවෙස්වල බල්ලො හදනවා... දඩාවතේ හරිනවා.. පැටව් ලැබුණොත් නිවාස හෝ පංසල් ළඟට ගෙනැවිත් දමනවා. බලන්න කෙනෙක් නැහැ. ඇත්තටම බල්ලො නිසා සිදුවූ මේ විනාශය වෙනුවෙන් අලාභය කොතෙක්ද කිව හැකිද? දැන් තත්වය එහෙම වුණත් දරුවන් අයිති පවුල්වල කෙනෙක් එම බල්ලා මැරුවොත් ඒ ගැන බලන්න නම් මිනිස්සු ඕනෑතරම් සිටීවි නේද? අඩුම ගණනේ පනතක් ගේන්න කාලයක් යනවා නම් හෝ අයාලේ යාමට විරුද්ධ වීමට නීතියක් ඇත්නම් ජනප්‍රිය ටෙලිනාට්‍ය අවස්ථාවේ හෝ අපහසු නම් එම් ඕ එච් ඔෆිස් මගින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර මෙම විනාශය වහාම නැවැත්වීම සුදුසුයි...
කලකට පෙර දඩාවතේ හරින බල්ලන්ට මරාදැමීමට කටයුතු කළත් එක් බලගතු කාන්තාවක් එයට විරුද්ධව සිටීම නිසා එම කටයුතු නැවතූ බව දැනගන්න තියෙනවා එහි ප්‍රතිඵලයක් ලෙසට මෙහෙම තරුණ ජීවිත පමණක් නොවෙයි, වැඩිහිටි ජීවිත පවා අනතුරුවලට ලක්වෙන අවස්ථා අනන්ත තියෙනවා. එයට අමතරව නිදැල්ලේ හරින බල්ලන් නිසා ජලභීතීකා රෝගය පැතිරීමටත් හේතුවක් වෙන්න පුළුවන්.. ඒවාට විශාල වශයෙන් අවශ්‍ය බෙහෙත් සඳහා විනිමය වැයවීම සිදුවේවි. මෙම ව්‍යවසනය බලන්න කෙනෙක් නැත්නම් අවම වශයෙන් වසංගත රෝග අංශයේ අවධානයටවත් යොමුවේවා..!
තුන්දෙනෙක් එක බයිසිකලයක. ගොඩක් වෙලාවට හෙල්මටුත් නැතුව බීලා ආතල් අරගෙන එන ගමන් වියහැකියි.
නිවන් සුව ලැබේවා පුතේ, පාරේ ඉන්න බල්ලන්ගෙන් නම් පුදුම කරදරයක් තියෙන්නේ...
මම ඉන්නේ විදේශ රටක. මේ රටේ බල්ලෙක් හදනවානම් ලියාපදිංචි කල යුතු අතර බල්ලන් අයාලේ යැවීම තහනම්. ඒ නිසා මේ වගේ අවසනාවන්ත අනතුරු වෙන්නේ නෑ.