
(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)
වලංගු බලපත‍්‍රයක් නොමැතිව කාල්කන් ඔයේ සිට වැලි ප්රවාහනය කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ට‍්‍රැක්ටරක් සහ පුද්ගලික ට‍්‍රැක්ටර් 5 ක් රියදුරන් ද සමග කොටවෙහෙරමංකඩ ප‍්‍රදේශයේ අත්ඩංගුවට ගත් බව හම්බෙගමුව පොලීසිය පවසයි.
මින් එක් රියදුරෙක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන කෙනෙක් බවත් සෙසු හතර දෙනා පුද්ගලික ට‍්‍රැක්ටර් රියදුරන් බවත් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් ට‍්‍රැක්ටර් පොලීසිය භාරයේ රදවා රියදුරන් පස් දෙනා 05දා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැරිය බවත් පොලීසිය පැවසුවේය.
හම්බෙගමු පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඞී.එම්. විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd