
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරසභා සීමාවේ පදිංචි, මුස්ලිම් ජාතිකයින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග නගරසභා සීමාවේ ඇති මුස්ලිම් පල්ලි 5 ක් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට උපදෙස් ලබා දුන් බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (07) සවස පැවැසීය.
බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එක හමාරක දරුවෙකුට සහ ගොරගහමඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත. එබැවින් එම තීරණය ගත් බව බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවැසුහ.
වයස අවුරුදු එකහමාරේ දරුවා රිය අනතුරකින් තුවාල ලබා බලන්ගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, 62 හැවිරිදි කාන්තාව රත්නපුර පෞද්ගලික රෝහලකදි කළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවැසුහ.
ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 15 ක පුද්ගලයින් 52 දෙදෙනකු අද (07) ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වෙනතෙක් බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති මුස්ලිම් පල්ලි 5ක් වසා දැමීමට බලන්ගොඩ කොරෝනා මර්දන කමිටුව මගින් තීරණය කළ බවත් බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කීය.
ඒ අනුව, හෙට (08) බලන්ගොඩ නගරසභා සීමාවේ ඇති එම පල්ලිවල පැවැත්වීමට නියමිතව තිබූ මුස්ලිම් යාච්ඥා පැවැත්වීම අත්හිටුවා ඇති බවද හම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එතකොට ඒගොල්ලෝ දිව්‍ය ලෝකේයන්නේ කොහොමද?
2019 අප්‍රේල් මාසේ ඉඳලා... මේ රටේ ක්‍රිස්තියානි විතරක් නොවේ. අනික් ආගම්වල අයටත් දෙවියන් අදහන්න ඉඩදුන්නේ නැහැ මේගොල්ලෝ. හැබැයි ලැජ්ජා නැතිව සිකුරාදාට හමුදා ආරක්ෂාව යටතේ පල්ලි ගියා. අනුන්ට කරන දේවල් දවසක තමන්ටත් ඵල දෙනවා කියලා දැනගන්නවා නම් හොඳයි.
කොරෝනා ඉදිරියේ දෙවියන් පසුබැස ගොස් අවසානයි. දෙවියොත් කොරවෙලා ඇත්තේ.