
(අංජුල මහික වීරරත්න)
අභියෝග මැඩගෙන හොරකමින්, දූෂණයෙන් තොරව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.
හොරකම්,නාස්ති කර රට බංකොලොත් කළ නිසා ඇතිවූ ආර්ථික අපරාධ වල ශාපයට රටට ම මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ යැයි ද රත්නායක මහතා කීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කොළඹ ‘බාලදක්ෂ මාවත’ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340 කි. පළල මීටර් 11 කි.
කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ තුන්වන ගුවන් පාලම ලෙස ‘බාලදක්ෂ මාවත’ ගුවන් පාලම ඉදි කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ තිරසර මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මෙම ගුවන් පාලම ඉදි කෙරිණි. විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද සහභාගී වූවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd