IMG-LOGO

බුලත්සිංහල ගම් රැසක් ජලයෙන් යට වෙයි

(ලක්මි කුඩලිගම සහ නයනදුල සෙන්දනායක)

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුලෙගග ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවර කර ඇති අතර ඉන් තප්පරේට ඝන මීටර් 200 ක පමණ ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හරින බව වාරිමාර්ග ඉන්ජේනේරුවෝ පවසති.

මේ හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා මහතා පවසයි.

මේ වනවිට බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ පරගොඩ ඇටඹගස් හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති අතර ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුනපා සිටිති.

මේ වන විටත් එම ප්‍රදේශවලට අධික වැසි තත්වයක් පවතින අතර ජනතාව අඟුල් ආදී යොදා ගනිමින් ගමනාගමන කටයුතු සිදුකරන ගන්නා ආකාරය දක්නට ලැබේ.



අදහස් (0)

බුලත්සිංහල ගම් රැසක් ජලයෙන් යට වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site