
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල හල්පිට ප්‍රදේශයේ හෝටලයක් පිටුපස බොල්ගොඩ ගඟේ සැකකටයුතු අන්දමින් මිය ගොස් පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි.
බොල්ගොඩ ගඟේ මාළු ඇල්ලීමේ නිරත පුද්ගලයකු මළ සිරුර දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මළසිරුර සොයා ගැනීනි.
පොලිස් නාවික කොට්ඨාසයේ බෝට්ටුවක් ආධාරයෙන් එම ස්ථානයට ගිය පිලියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මල සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් අනුව මළ සිරුර ගොඩට ගෙන ඒමට කටයුතු කළ බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ හැඳ සිටි කළු පාට දිගු කලිසමේ වම්පස සාක්කුවේ තිබූ ජංගම දුරකතනයක් ඔස්සේ හඳුනා ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පිළියන්දල පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd